Thursday, May 10, 2012

සරසවි සිසුන්ට හමුදා පුහුණුව නැවතත්

lankahotnews.org
විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් සඳහා වන නායකත්ව සහ ධනාත්මක හැකියා වර්ධනය කිරීමේ පාඨමාලාව මැයි මස 27වන දින ආරම්භ කෙරෙන බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පී. ජී. ජයසිංහ මහතා පවසයි.
මෙහි පළමු කණ්ඩායමට ශිෂ්‍යයන් 10,000කට ආසන්න සංඛ්‍යාවක් සහභාගී වීමට නියමිත අතර එම ශිෂ්‍යයින් 27වනදා සවස 06.00ට පෙර අදාළ පුහුණු මධ්‍යස්ථානවලට පැමිණිය යුතුව ඇත.

එසේම මැයි මස 28වනදා උදෑසන සිට නියමිත කාලසටහනකට අනුව ක්‍රියාත්මක වෙන එම පුහුණු වැඩසටහන ජුනි මස 15වන දින තෙක් පැවැත්වේ. මෙවර නායකත්ව පුහුණු පාඨමාලාව මධ්‍යස්ථාන 24කදී පැවැත්වීමට නියමිතය. එසේම පළමු කණ්ඩායම සඳහා තෝරාගත් සිසු සිසුවියන්ට ලබන සතියේ දී අදාළ කැඳවීම් ලිපි යොමු කිරීමට ද කටයුතු සංවිධානය කර තිබේ.

No comments:

Post a Comment