Wednesday, May 9, 2012

පෙරටුගාමී කුරුණෑගල දිස්ත්‍රික් නායක පක්ෂය හැර යයි

lankahotnews.org
ජවිපෙ කට්ටිවාදීන් පිහිටුවාගත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අභ්‍යන්තර ගැටුම් තව තවත් උග්‍රවී ඇති බව වාර්ථා වේ. සාමාජිකයන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට ගරු නොකරන බවටත් නිලධාරිවාදී නායකත්වයක් බිහිවී ඇති බවටත් ජවිපෙදී දියාරු ලක්ෂණ දැරූ නායකයන් නැවත් දේශපාලන මණ්ඩලයට එක්ව ඇති බවටත් පංතියේ කාර්ය ඉටුකිරීමේලා පක්ෂයේ කාර්ය භාරය
අමතක කරමින් තම පුද්ගලික මානසික අවශ්‍ය්‍යතාවයන්
හබා යන නායකයින් බිහිවී ඇති බවත් ප්‍රකාශ කරමින් පෙරටුගාමී පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් නායක සමන් කුමාර මහතා පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙන් ඉවත්වී ඇත.

ප්‍රේම කුමාර ගුණරත්නම් සමග ඉතා කිට්ටු සබදතාවයක් තිබුණු සමන් කුමාර මහතා ඉතා විශ්වාසවන්තයකු වූ අතර ජවිපෙ කැඩීමේදී සිය උපරිම ශක්තිය ඒ සදහා යෙදවීය. තමා සතු සියළු සබදතා මේ සදහා යොදවා ගත් අතර සියළු සබදතා දින කිහිපයකින් ජවිපෙට එරෙහිව පෙලගැස්වීමට ඔහු සමත් විය.

පෙරටුගාමී පක්ෂයේ ප්‍රකාශකයකු අප හා පැපසූයේ කුමාර කලක පටන් දේශපාලන චලනයක සිටි බවත් ඔහු බීමත් අවස්ථා කිහිපයක් වාර්ථාවූ බවත් ඔහුගේ ව්‍යාපාරික කටයුතු නිසා ඔහුගේ දේශපාලන ගමන අවස්ථාවාදී ලක්ෂණයන්ගෙන් පිරී පැවති බවයි. කුමාරට නිසි දේශපාලන වගකීම් නොලැබීමද මීට හේතුවක් විය හැකි බවත් අදහස් දැක්වූ ඔහු කෙසේ නමුදු කුමාර සහෝදරයා සමග දේශපාලන සංහිදියාවක් පැවැත්වීම අත් හැර නොමැති බවද ප්‍රකාශ කළේය.

2 comments:

  1. මේකේ කුමාරලා ගොඩක් ඉන්නවා වගේ

    ReplyDelete
  2. ප්‍රේම කුමාරට වැඩිය මේ කුමාර හොදයි වගේ

    ReplyDelete