Tuesday, May 8, 2012

කුස පබා විජය කුවේනි සමග ගැටේ

lankahotnews.org
ඉතිහාසය තේමා කොට ගත් සිනමා සම්ප්‍රදාය අද රැල්ලක් බවට පත්වී ගැටුමක් බවටද පත්වී ඇත. ඉතිහාසය තේමා කරගනිමින් වෙළදපොලට නිකුත් වී ඇති කුස පබාත් , විජය කුවේනිත් තරගයට තිරගත වෙමින් පවතී. මේ සදහා නරඹන්නන් දිනා ගැනීමට උපරිම ප්‍රචාරයක් ලබා දීමේ වැඩසටහන්ද ක්‍රියාත්මක වේ. ප්‍රේක්ෂකයන් දිනාගැනීමේ සීතල යුද්ධය පුපුරා යන්නේ කුලියාපිටියෙනි.
විජය කුවේනි පෝස්ටර් අලවමින් සිටි පිරිසක් මැදට සුදු වෑන් රියකින් පැමිණි පිරිසක් පහර දී ඇත. සියළුම පෝසටර් මහ පාරේ ඉරා දමා කුස පබා වැදගත් සිනමා පටියක් බවත් ඊට එරෙහි පෝස්ටර් ඉරා දමන බවටත් තර්ජනය කොට ඇත. මෙම මැර කණ්ඩායම ඊට යාබද සිනමා ශාලාවෙ පිරිසක් බවද ප්‍රකාශ කිරීම නිසා මෙහි ගැටුමේ  ස්වභාවය  හෙළි වී ඇත.
 

No comments:

Post a Comment