Sunday, May 27, 2012

රවී කිපෙයි - මී මැස්සා වහන්නෙ හොඳ තැන්වල නිල මැස්සා වහන්නේ කුණු ගොඩවල් වල


දැඩි ඉවසීමකින් පක්ෂ අර්බුදය දෙස බැලූ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණායක මහතා එජාප විකල්ප කණ්ඩායමේ නායක සජිත් ප්‍රේමදාස මහතා තම පක්ෂයට කරන හානිය අන්තර්ජාල පුවත්පතකට මෙසේ හෙලිදරව් කොට ඇත. ආණ්ඩුව පේ‍්‍රමදාස ගුණානුස්මරණයට විශාල සහයෝගයක් ලබා දුන්නා. අපි යාපනයේ මැයි දිනය පවත්වන්න යන කොට,
අපිට බැහැ කොටින් සමඟ මැයි දිනය සමරන්න කියලා සජිත් කිව්වා. කොටින්ට සල්ලි දුන්නේ කවුද? පේ‍්‍රමදාස තමයි මුලින් සල්ලි දුන්නේ. සිමෙන්ති දුන්නේ කවුද පේ‍්‍රමදාස.  නැගෙනහිර සේවය කළ පොලිසියේ 605ක් මරා දමන තැනට වැඩ කළේ පේ‍්‍රමදාස .පොලිස් නිලධාරීන් මරා දමන්න නියෝග කළ කරුණා අම්මාන් අද කොහේද ඉන්නේ. 2005යේ ජනාධිපතිවරණයේදී ජනාධිපති රාජපක්ෂ දිනවන්න, කොටින් සල්ලි දීලා, රනිල්ව ඡන්දය දෙන්න එපා කියලා කිව්වේ කවුද ? ටිරාන් අලස්. අද ටිරාන් අලස් ඉන්නෙ කොහෙද?
2010 යේ ජනාධිපතිවරණයේදී ජනරාල් සරත් ෆොන්සේකා මහතාට සහාය දීමට විරුද්ධව සිටි සජිත් සමඟ අද අනෝමා ෆොන්සේකා පේ‍්‍රමදාස සමරනවා. මේවා විලිලැජ්ජා නැති වැඩ. එජාප කියන්නේ දැවැන්ත පක්ෂයක්, අද මේ රටේ ජනතාවට අපට ශාප කරනවා. මේ වගේ උන් එළියට ඇදලා දාන්න කොන්දක් නැද්ද කියලා. ජේ.ආර්ට කොන්දක් තිබුණා රුක්මල් සේනානායකව එළියට දාන්න. සිරිමාවෝ බණ්ඩාරනායකට කොන්දක් තිබුණා තම ආදරණීය පුතා එළියට දාන්න. පේ‍්‍රමසාදට ලලිත් ඇතුළත්මුදලි සහ ගාමිණී දිසානායක වගේ දැවැන්තයෝ එළියට ඇදලා දාන්න පුළුවන් වුණා. නම් මේ මොන කුණු මැස්සෙක්ද? මී මැස්සා වහන්නෙ හොඳ තැන්වල නිල මැස්සා වහන්නේ කුණු ගොඩවල් වල. අන්න ඒ වගේ මැස්සෙක් තමයි මේ සජිත්.

1 comment:

  1. Ravi oba hariyata hari,nayaka thumata kiyala me"Nila Massa" va ikmanata pannala damme nathnam UNP ya naththatama nathi venawa.

    ReplyDelete