Sunday, May 27, 2012

නැගෙනහිර මහ ඇමති කමට පොර, මුස්ලිම් කොන්ග්‍රස් කාර්යාලයට ගිනි

lankahotnews.org
මඩකළපුව, කාත්තන්කුඩි ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නව කාර්යාලයට අද(26) අලුයම කිසියම් පිරිසක් විසින් ගිනි තබා ඇති බව කාත්තන්කුඩිය පොලිසිය පවසයි.

අද පස්වරුවේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක, අමාත්‍ය රවුෆ් හකීම් මහතා විසින් මෙම නව කාර්යාලය විවෘත කිරීමට නියමිතව තිබූ බව ද සඳහන්ය.



ගින්නෙන් කාර්යාලය සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව ඇති බව ද කාත්තන්කුඩි පොලිසිය සඳහන් කරයි.

ගින්නෙන් කිසිවෙකුට හානි සිදුව නොමැති අතර කාත්තන්කුඩි පොලිසිය සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි. 


නැගෙනහිර මහ ඇමති ධූරයට හකීම් මහතා පොදු විපක්ෂයෙන් ඉදිරිපත් වේයැයි සැකයක් පවතින බවත් ආණ්ඩුවේ මහ ඇමති අපේක්ෂකයා ලෙස පත් නොකරනු  ඇතැයිද රජයේ ආරංචි මාර්ග සදහන් කරයි.  එක්සත් ජනතා නිදහස් සන්ධාන‍යේ මහ ඇමති අපේක්ෂක ඒ.එච්.එම්. හිස්බුල්ලා මහතායැයිද ආරංචි මාර්ග සදහන් වන අතර මේ නිසා ඉදිරි පළාත් සභා මැතිවරනය තව තවත් උණුසුම් වනු ඇති බවයි දේශපාලන විචාරකයන් පවසයි.

No comments:

Post a Comment