Saturday, May 26, 2012

පුද්ගලික රසායනාගාර සදහා රජයේ අනුග්‍රහය

lankahotnews.org
මෛත්‍රීපාල සිරිසේන මහතා සෞබ්‍ය අමාත්‍ය වරයා ගිය වසරේ ජාතික රෝහලේ කල සංචාරයකදී රජයේ රසායනාගාර පහසුකම් අවශ්‍ය පමනටත් වඩා ඇති බවත් එහි විශ්වාසය පිළිබද කිසිදු ගැටලුවක්ද නැති නිසා පුද්ගලික රසායනාගාර වලට රජයේ රෝහල් වලින් යොමු කිරීම වහා නතර කරන ලදි. නමුත් එහි ප්‍රතිඵලයක් නොලැබුන අතර රජයේ රෝහල් පුද්ගලික රසායනාගාර වෙත රෝගීන් යොමු කිරීම ජයටම කෙරුනේ ඇමතිතුමා ගේ අණ නොතකාය. මේ පිලිබද මහින්ද රාජපක්ෂ
මහතාගේ උපදෙස් ගෙන  පුද්ගලික වෛද්‍ය රසායනාගාර නියාමන පනත ගෙන ඒමට මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබේ. මේ සදහා මහින්ද රාජපක්ෂ මහතා දැඩි අවදානයක් යොමු කල බවයි සදහන් වන්නේ. ඒ නිසා මෙම පනත මේවන විටත් නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව වෙත අදාළ පනත යොමු කර ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

පුද්ගලික වෛද්‍ය රසායනාගාර සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත දිගින් දිගටම ලැබෙන පැමිණිලි සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් මෙම තීරණය ගත් බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.
පුද්ගලික රසායනාගාර මගින් ජනතාවට ඉහළ ගුණාත්මක සේවාවක් ලබාදීම මෙම පනත ගෙන ඒමේ අරමුණකි.

No comments:

Post a Comment