Sunday, May 27, 2012

සැබෑ අධිරාජ්‍ය විරෝධී අරගලයකින් තොරව ආණ්ඩුවේ මේ ක්‍රියාකාරිත්වය ආපසු හරවන්න බැහැ

lankahotnews.org
අධ්රාජ්‍ය විරෝධී ජනතා ව්‍යපාරය නමින් සංවිධානයක් අද බිහිවූ අතර එහි සම කැදවුම්කරු කේ.ඩී ලාල් කාන්ත මහතා අදහස් දැක්වීමක් ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී සිදු කරන ලදි. ඉතිහාසයේ අන් කවරදාටත් වඩා වේගයෙන් අධිරාජ්‍යවාදී මැදිහත්වීම් සිදුකරමින් තිඛෙනවා. ආර්ථීක දේශපාලනකි සංස්කෘතික සහ සාමාජීය සියලූම අංශ ගිල ගනිමින් සිටිනවා. පසුගිය 18 වෙනිදා ජී.එල්.පීරිස් ඇමතිවරයා හිලරි ක්ලින්ටන්ට දින වකවානු සහිතව ක්‍රියාකාරී සැලැස්මක් ඉදිරිපත් කිරීම
තීරණාත්මක තත්වයක්. පසුගිය මාර්තු 22 වනදා ජිනීවා නුවරදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ලංකාවට විරුද්ධව යෝජනා සම්මත කරගත්තාට පසු ආණ්ඩුව අධිරාජ්‍යවාදීන් ඉදිරියේ දණ ගැසීම ඉතා පැහැදිලිව කර තිඛෙනවා. ආර්ථීක, සංස්කෘතික, දේශපාලනික මේ සියලු පෙරමුණුවල සැබෑ අධිරාජ්‍ය විරෝධී අරගලයකින් තොරව ආණ්ඩුවේ මේ ක්‍රියාකාරිත්වය ආපසු හරවන්න බැහැ. මේ දක්වා ඉතිහාසය පුරා සිදු කෙරුණේ ආර්ථීක සහ සමාජ පෙරමුණුවල දණගැසීමක් තිබුණා. නමුත් දැන් දේශපාලනිකවත් පැහැදිළිවම අධිරාජ්‍යවාදීන් ඉදිරියේ මේ ආණ්ඩුව දණගසා ඉවරයි.
රනිල් වික්‍රමසිංහ මහත්තයා අධිරාජ්‍යවාදීන්ගේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිතයා වශයෙන් සියලුම කාර්යභාරයන් ඉටුකරමින් ඉන්නවා. ඛෙදුම්වාදී මතවාදය පෝෂණය කරන අධිරාජ්‍යවාදීන් ඇතුලු සංවිධාන මේ මොහොතේ එකතු කිරීම කරන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයයි. අපි සියලු දෙනා අධිරාජ්‍යවාදයට එරෙහි ජනතා ව්‍යාපාරයේ කාර්යභාරය නිවැරදිව හදුනාගත යුතු වෙනවා. ඒ වගේම අධිරාජ්‍යවාදය පරාජය කිරීමේ කාර්යභාරයත් නිවැරදිව හඳුනාගත යුතු වෙනවා. මේ කාර්යභාරය ඉෂ්ඨ කිරීමට අධිරාජ්‍යවිරෝධී ජනතා ව්‍යාපාරය මින් ඉදිරියට දැඩි ශක්තියකින් හා ධෛර්යකින් කටයුතු කර අධිරාජ්‍යවාදය පරාජය කරන බව ස්ථීරයි. අද වගේම හෙටත් මේ වෙනුවෙන් ජනතාව පෙළගැහෙන බවත් ස්ථීරයි. අද ආරම්භය සටහන් කළා විතරයි. වශයෙන් ප්‍රකාශ කරන ලදි.

No comments:

Post a Comment