Wednesday, May 30, 2012

බඩු මිල අඩු කරනු කියා ගොවියෙක් හා කම්කරුවෙක් මහ පාරේ නිදි

lankahotnews.org
බඩු මිල පහත දමා ජනතාවට සහන දෙනු! නැතිනම් ගෙදර යනු ! යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ උද්ඝෝෂණයක් 29 කුරුණෑගල නගර මධ්‍යයේ ඔරලෝසු කණුව අසලදී පැවැත් විය. මෙම උද්ඝෝෂණය සදහා ජවිපෙ හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා සහභාගී වූ අතර සහභාගී වූ පිරිස විවිධ සටන් පාඨ කියමින් බඩු මිල වහා අඩු කරනු වශයෙන් උද්ඝෝෂනයේ යෙදුනි. මේ අතර වර්ථමාන ගොවියෙක් හා කම්කරුවෙක් නිරූපනය කරමින් ඔවුන්
රාජපක්ෂ පාලනයේදී පත්ව ඇති තත්වය වැටුපට හෝ නිශ්පාදනයට ගැලපෙන ජීවිතය නිරූපනය  කරන ලදි. ජනතා විමුක්ති පෙරමුණ මෙවැනි උද්ඝොෂණ මාතර ගම්පහ කොළඹ ආදී නගරවලදීද පවත්වන ලදි.

No comments:

Post a Comment