Wednesday, May 30, 2012

ජනතාව බිය නොවන්න රාජ්‍ය බැංකු තැන්පතු ආරක්ෂිතයි

lankahotnews.org
මෙරට බැංකු පද්ධතියේ ගිණුම්කරුවන් වෙනුවෙන් ඔවුන්ගේ තැන්පතු ආරක්ෂා කිරීමට රජය කැපවන බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය ගීතාංජන ගුණවර්ධන පවසයි.
ඒ අනුව රාජ්‍ය බැංකු සතුව පවතින තැන්පතු ආරක්ෂා කිරීමට රජය විශේෂ පියවර රැසක් ගෙන ඇති බවද නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා සඳහන් කරයි.
මීට අමතරව මෙරට බැංකු කඩා වැටීමටද රජය කිසිදු අවස්ථාවක ඉඩ නොතබන බවත් මහින්ද රාජපක්ෂ මහතා නිරන්තර ඒ පිළිබද
අවදානයකින් පසුවී සිටින නිසා ජනතාව කිසිදු බියකට පත් නොවිය යුතු යැයි නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා අවධාරණය කරයි.

No comments:

Post a Comment