
නිදහස ලැබු සරත් ෆොන්සේකා මහතා සමඟ ඒකාබද්ධ විපක්ෂයක් ලෙස ඉදිරි දේශපාලන වැඩ කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් ද කෘත්‍යාධිකාරී මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් වී ඇත. යාපනයේ පැවති මැයි දින පෙළපාලිය සඳහා සහභාගී නොවූ පුද්ගලයින්ගෙන් නිදහසට කරුණු විමසීමක්ද මේ අනුව හදිසියේ අවශ්‍ය බවයි එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබේන්නේ.
මැයි දිනයට අදාළ වාර්තාව (21) පස්වරුවේ රැස්වූ කෘත්‍යාධිකාරී මණ්ඩලයට පක්ෂයේ මහලේකම්වරයා විසින් ඉදිරිපත් කළ බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු සඳහන් කළේය.
එහිදි අදාළ පෙළපාලිය සඳහා සහභාගි නොවු පාර්ලිමේන්තු, පළාත් සභා, පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන්ගෙන් සහ එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරුන්ගෙන් නිදහසට කරුණු විමසීමට තීරණය වී ඇත.
No comments:
Post a Comment