Thursday, May 24, 2012

පළාත් සභා වලට කලින් පොලීසියේ ස්ථාන මාරු

lankahotnews.org
සේවා අවශ්‍යතාවය මතපොලිස් පරීක්‍ෂකවරුන් 09දෙනෙකුට පොලිස් මූලස්ථානය විසින් ස්ථාන මාරුවීමි ලබා දී ඇත.
ඒ අනුව ප‍්‍රධාන පොලිස් පරීක්ෂක අයි.යූ.කේ. ලොකුහෙට්ටි මහතා බස්නාහිර පළාත් බුද්ධි ඒකකයේ සිට වත්තල පොලිස් ස්ථානාධිපතිවරයා ලෙසත් ප‍්‍රධාන පොලිස් පරීක්ෂක කේ.ඒ.ඞී. සී.කේ වීරසිංහ මහතා මන්නාරම කොට්ඨාසයේ සිට කිලිනොච්චිය මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ලෙස පත් කර තිබේ.
මොණරාගල ප‍්‍රධාන පොලිස් පරීක්ෂක බී.ඩබ්ලිව්.එච්. කළණසිරි මහතා ග‍්‍රෑන්ඞ්පාස් පොලීසියේ ස්ථානාපති ධුරයටත්
කනගරායන්කුලම් පොලිස් ස්ථානාධිපති එච්.සී.  ඕවිටිගම මහතා දෙහිවල පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස පත්කර ඇත.
දෙහිවල ස්ථානාධිපතිවරයා වූ එස්.අයි. ප‍්‍රසන්න මහතා මුරුක්කන් පොලිස් ස්ථානයටය මාරු කර තිබේ.
එසේම ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී.ආර්.සී.ද සිල්වා මහතා මරදාන පොලිස් ස්ථානයේ සිට වනාතවිල්ලූව පොලිස් ස්ථානාධිපති ලෙසත් පොලිස් පරීක්ෂක ආර්.සී. රාජපක්ෂ මහතා ඉගිනියාගල පොලිස් ස්ථානයේ සිට උඩුගම ස්ථානාධිපතිවරයා ලෙසත්, පොලිස් පරීක්ෂක ආර්.එමි.සී.ආර්. රත්නායක මහතා කැකිරාව පොලිස් ස්ථානයේ සිට මිහින්තලේ ස්ථානාධිපති ලෙසත් පොලිස් පරීක්ෂක ටී.එන් පද්මනාථ මහතා වත්තල පොලිස් ස්ථානයේ සිට රද්දොළුගම ස්ථානාධිපති ලෙසත් මාරු කර යවා ඇත.

No comments:

Post a Comment