
ලෝකයේ උසින් විශාලතම විකාශන කුලුන (22) ජපානයේ ටෝනියෝ නුවරදී විවෘත විය. මෙම කුලුන නම් කර ඇත්තේ ‘ස්කයිට්‍රී’නමිනි. පැරීසියේ පිහිටි අයිෆල් කුලුන මෙන් දෙගුණයක උසින් සමන්විත මෙහි උස මීටර් 634කි. මෙය නිම කිරීමට වසර තුනහමාරක පමණ කාලයක් ගත වී ඇති බව වාර්තාවේ. ‘ස්කයිට්‍රී’කුලුන ඉදිකිරීම සඳහා ජපන් යෙන් බිලියන 65ක මුදලක් වැය වී ඇති අතර ලබන වසරේ සිට විකාශන
කටයුතු වෙනුවෙන් මෙම කුලුන භාවිතයට ගැනීමට සැළසුම් කර ඇත.
No comments:
Post a Comment