Saturday, May 12, 2012

IMF ගණු දෙණු දිගටම පැවැත්වීමට ජනපති උපදෙස්

lankahotnews.org
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවතින ණය වැඩසටහන 2012 ජූලි මාසයේදී අවසන් වුවත් ආයෝජකයින්ගේ විශ්වාසය තහවුරු කරමින් මූල්‍ය අරමුදල සමග තවත් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ලංකාව සාකච්ඡා කරමින් සිටින බව මහ බැංකු අධිපතිවරයා කියයි.


ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිරීක්ෂණය කරන සම්බන්ධතාවයක් තිබෙන විට විදේශීය ආයෝජකයින් රට කෙරෙහි තබන විශ්වාසය වැඩිවන බවත් ඔවුන් එවැනි සම්බන්ධතාවයක් බලාපොරොත්තු වන බවත් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා කීය.
මූල්‍ය අරමුදල හා ලංකාව අතර ඇති කර ගැනීමට යන නව එකඟතාවය පිළිබඳව යමක් පැවසීම මේ අවස්ථාවේදී කල් වැඩි බවත් ඒ පිළිබඳව සවිස්තර තොරතුරු ඉදිරියේදී හෙළිකළ හැකි බවත් අධිපතිවරයා සඳහන් කළේය.
මෙරට ගෙවුම් ශේෂ අර්බුදය නිරාකරණය කර ගැනීමට මූල්‍ය අරමුදල ලංකාවට අනුමත කළ ඩොලර් බිලියන 2.5 ක ණය මුදලට අදාළ අවසන් වාරිකය වෙනුවෙන් ඩොලර් මිලියන 400 ක මුදලක් ලබාදීම සඳහා විමර්ශන කටයුතු කිරීමට අරමුදලේ ධූත පිරිස ළඟදීම මෙරටට පැමිණීමට නියමිතය.

No comments:

Post a Comment