Saturday, May 12, 2012

ජනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය මගින් පශ්චාත් උපාධි ප්‍රදානය කිරීමට ජනපති උපදෙස්

lankahotnews.org
රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා කළ යෝජනාවක් අනුව 2008 අංක 05 දරණ ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාල පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.


·        යුධ හමුදාවට අයත් විද්‍යාලයක් ලෙසට පවත්වාගෙන යන යුධ හමුදා අණ හා මාණ්ඩලික විද්‍යාලය 2007 ජනවාරි මස 22 දින සිට ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලය වශයෙන් ස්ථාපිත කිරීමෙන් පසු ව ත්‍රිවිධ හමුදාවන්ට අයත් මධ්‍යම මට්ටමේ නිලධාරීන්ට ආවේණික වු පුහුණුව ලබාදෙන ශ්‍රී ලංකාවෙහි පිහිටි එක ම අධ්‍යයන ආයතනයබවට පත් විය.


·        මෙම විද්‍යාලය මගින් සහතික ලබන නිලධාරීන්ට කැලණිය විශ්වවිද්‍යාලය මගින් පශ්චාත් උපාධිය පිරිනැමීම මෙතෙක් සිදු කෙරිණි.  මෙම ආයතනය පිහිටුවීමේ පරිමාර්ථයන් ඉතා ඵලදායි ව සාක්ෂාත් කරගැනීමේ අරමුණින් ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලය ජනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අනුබද්ධ කොට එම විශ්වවිද්‍යාලය මගින් පශ්චාත් උපාධි ප්‍රදානය කිරීමට හැකිවන පරිදි මෙම පනත සංශෝධනය කිරීමට ජනපති උපදෙස් ලැබී තිබේ.

No comments:

Post a Comment