Saturday, May 12, 2012

රජයේ නිලධාරීන්ට ජපානයේ පිළිගත් විශ්වවිද්‍යාලයන් හි පශ්චාත් උපාධි හැදෑරීමට අවස්ථාව

lankahotnews.org
වඩාත් කාර්යක්ෂම හා ඵලදායි සේවාවක් මහජනතාවට ලබාදීම සඳහා රාජ්‍ය අංශයේ සමාන ව සම්පත් සංවර්ධනය කිරීම සඳහා ජපාන මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ ජපාන යෙන් මිලියන 211ක ( රු.මි. 340) ජපාන රජයෙන් ප්‍රදානයක් ශ්‍රී ලංකාවට ලබාදීමට ජපන් රජය එකඟතාවය පළ කර තිබේ.


මෙමගින් රජයේ නිලධාරීන්ට ජපානයේ පිළිගත් විශ්වවිද්‍යාලයන් හි පශ්චාත් උපාධි හැදෑරීමට අවස්ථාව ලැබෙනු ඇත. 
ජපාන රජයේ තාක්ෂණික සහාය යටතේ පසුගිය වසර 5තුළ විදේශ පුහුණු අවස්ථා ශ්‍රී ලංකාවට ලැබී ඇති අතර 2014 දක්වා වු කාල පාරිච්ඡේදය තුළ දීර්ඝ කාලීන ශිෂ්‍යත්ව වසරකට 15 බැගින් ලබාදීමට අපේක්ෂිතය.

මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය සඳහා ජපාන රජය සමඟ අ‍වබෝධතා ගිවිසුමකට අත්සන් කිරීමට නියමිතය.

No comments:

Post a Comment