Saturday, May 12, 2012

ජංගම දුරකතන හිමයන් විදුලි සංරක්ෂණයේ බුද්ධිමත් බලවේගයයි

lankahotnews.org
 බලශක්ති සුරක්ෂිත ශ්‍රී ලංකාවක් සඳහා යන ගමනේ දී බලශක්ති සංරක්ෂණය සහ කාර්යක්ෂම භාවිතය ඉතා වැදගත් යැයි හඳුනාගනිමින් සියලු ම අමාත්‍යාංශ, පළාත් සභා, රාජ්‍ය දෙපාර්තමේන්තු, සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩලයන්හි සමස්ත රාජ්‍ය සේවකයන් ඒ පිළිබඳ ව දැනුවත් කිරීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයත්, ජනාධිපති ලේකම් කාර්යාලයත් ඒකාබද්ධ ව විශේෂ වැඩපිළිවෙළක් දියත් කෙරිණ.



එහි සමාරම්භක අවස්ථාව විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලිබල අමාත්‍යාංශ ලේකම් එම්.එම්.සී. ප්‍රදිනාන්දු යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් 11 උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්විණ.

මෙම අවස්ථාවට සහභාගී වූ අමාත්‍ය රණවක මහතා; මේ වනවිට ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රය සුවිශාල දියුණුවක් ලබලා තිඛෙනවා. ආසියානු කලාපයේ රටවල් අතරින් පැය 24 ම විදුලිය ලබාදෙන එක ම රට බවට පත්වෙන්න අද අපට හැකිවෙලා තියෙනවා. මේ වසර අවසන් වීමට ප්‍රථම සැමට සැමවිට විදුලිය යන්න යථාර්ථයක් බවට පත්කරමින් මුළු දිවයින ම විදුලියෙන් ඒකාලෝක කරන්න මේ වනවිට සියල්ල සූදානම්. වර්තමානයේ විදුලි උත්පාදනයෙන් 84%ක් ම සිදුවෙන්නේ ඉන්ධන යොදාගෙන. ඉන්ධන මිල ඉහළයාමේ දී විදුලි බිල ඉහළයාම වළක්වන්න අපට බැහැ. අපිට මේ සඳහා ගන්න පුළුවන් එක ම පියවර තමයි විදුලි සංරක්ෂණය. මේ වනවිට මේ සම්බන්ධයෙන් අපි පියවර ගෙන තිඛෙනවා. පාසල් සිසුන්, පුද්ගලික අංශයේ සේවක පිරිස් වගේ ම කුඩා සහ මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවනුත් අපි මේ සඳහා හවුල්කරගෙන තිඛෙනවා. අද ආරම්භ වූ මෙම වැඩසටහන තුළින් රාජ්‍ය අංශයේ දායකත්වයත් මේ සඳහා ලබාගන්නවා. ඉල්ලුමට සරිලන විදුලියක් ලබාදීම අපට ගැටලුවක් නෙමෙයි. අපි කුඩා වුණත් හැමෝ ම එකතු වුණොත් ඒ තුළින් යෝධ ශක්තියක් ගොඩනැගෙනවා. මේ වනවිට මිලියන 20ක් ජංගම දුරකතන තිබෙනවා. මේ මිලියන 20 ම විදුලි සංරක්ෂණයට යොමුවුණොත් වොට් පැය මිලියන 200ක් ඉ‍තුරු කරගන්න පුළුවන්. මේ විදිහට අපි හැමෝ ම මේ සත්කාර්යයට දායකත්වය සැපයුවොත් මේ විදුලි ගැටලුවට විසඳුම වැඩි ඈතක නොවේයැයි පැවසීය.

No comments:

Post a Comment