Saturday, May 12, 2012

භාෂාවන් නිවරදිව පහසුවෙන් හැදෑරීමේ අවස්ථාව අන්තර්ජාලයෙන් ලබාදෙන්න ජනපති උපදෙස්

lankahotnews.org
අන්තර්ජාලය ඔස්සේ භාෂා පුහුණුව ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට ජාතික භාෂා සහ සමාජ ඒකාබද්ධතා අමාත්‍යංශය සැලසුම් කර තිබේ. මෙම වැඩසටහන යටතේ රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව යටතේ ඇති භාෂා විද්‍යාගාර තුළ පවත්වනු ලබන පාඨමාලා අන්තර්ජාලය ඔස්සේ ලබාදීම මෙන්ම, එම වැඩසටහන් සඳහා සජීවීව සම්බන්ධ වීමට අවස්ථාව ලබා දීමද සිදු කිරීමට නියමිතය.

 සිංහල,දෙමළ හා ඉංග්‍රිසි මෙන්ම ජර්මන්,ප්‍රංශ වැනි භාෂාවන්ද නිවරදිව පහසුවෙන් හැදෑරීමේ අවස්ථාව මේ ඔස්සේ ලබා දෙනු ඇත.
රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය ඔස්සේ මෙම පාඨමාලාවට සම්බන්ධ විය හැකි අතර ඒ සඳහා අවශ්‍ය කටයුතු කඩිනමින් සිදු කිරීමට පියවර ගන්නා බවද මේ සදහා මහින්ද රාජපක්ෂ මහතා නිරන්තරයෙන් දුරකථන ඇමතුම් දෙමින් මතක් කර සිටින බවද  ජාතික භාෂා සහ සමාජ ඒකාබද්ධතා අමාත්‍යංශය සඳහන් කළේය.

No comments:

Post a Comment