Friday, May 11, 2012

ප්‍රමිතියෙන් තොර සුවද විලවුන් අල්ලන්න ජනපති උපදෙස්

lankahotnews.org
මෙරට භාවිතයට ගන්නා විලවුන් වර්ග සඳහා නව ප්‍රමිතිකරණයක් ලබාදීමට ජාතික විලවුන් උපකරණ සහ ඖෂධ අධිකාරිය පියවර‍ ගෙන ඇති බව එම අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත බෙනරගම මහතා පැවසීය.
නිසි ප්‍රමිතියකින් තොරව නිෂ්පාදනය කරනු ලබන විලවුන් වර්ග සම්බන්ධයෙන් විලවුන් අධිකාරියට පැමිණිලි රැසක් ලැබීම‍ හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

ජාතික විලවුන් උපකරණ සහ ඖෂධ අධිකාරියේ අනුමැතියකින් තොරව විලවුන් වර්ග නිෂ්පාදනය කිරීම හෝ ආනයනය කර බෙදා හැරීම තහනම්‍ වේ.
ඒ අනුව ඉදිරියේදී නව ප්‍රමිතිකරණයට අනුව වැටලීම් සිදු කරන බව ජාතික විලවුන් උපකරණ සහ ඖෂධ අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

No comments:

Post a Comment