Sunday, May 13, 2012

වීර කැප්පෙටිපොල සමග ඇමති මර්වින් එක්ව සටන් කරලා

lankahotnews.org
රට පුරා වංචාකාරී දේශප්‍රේමී ඇමති වරු බිහි වී ඇති යුගයක අධිරාජ්‍ය විරෝධී සටනකදී මරාගෙන මැරෙන සේනාංකයක් සාදමින් එහි සැබෑ උවමනාව රටට හෙළි කළේ  මර්වින් සිල්වා මැති තුමායි. ඔහුට මෙම දේශප්‍රේමී අරගලයට මැදමුලනේ සහයෝගය උපරිමයෙන් ලැබී තිබේ. ඒ සදහා මෑත කාළීන සාක්ෂිය නැවතත් කැළණියේ සංවිධායක ධූරයට මහජන සබඳතා සහ මහජන කටයුතු අමාත්‍යා මවින් සිල්වා මහතා පත් කිරීමෙනි.
 මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ දේශප්‍රේමයෙන් ඔදවැඩුනු ඇමති මවින් සිල්වා මහජන සබඳතා සහ මහජන කටයුතු අමාත්‍යාංශය මගින් ප‍්‍රතිසංස්කරණය කළ අනුරාධපුර - පරවහගම ප‍්‍රදේශයේ  වීර කැප්පෙටිපොල පිළිරුවක් විවෘත්ත කරමින් වීර කැප්පෙටිපොලට ඇති සමීපත්වය පැහැදිලි කළේ, 
එදා කැප්පෙටිපොළ සමග තමාද සිටින්නට ඇතැයිද  කැප්පෙටිපොළ තුමා අල්ලා ගැනීමට ඔත්තු දුන් වෙලාවේ තමා එතැන සිටියා නම් රෙදි වෙළෙන්දාගේ රෙද්ද ගලවා ගහක එල්ලන බව ප්‍රකාශ කරමිනි. සමහර පිරිස් අත්පොලොසන් දෙමින් මෙම නෑදෑ කම අනුමත කළේය.


වැඩිදුරටත් අදහස් දැක්වූ මර්වින් සිල්වා ඇමති තුමා මා හැමදාම පිරිත් අසා නින්දට යන්නේ. එවිට නින්දේදී මැරුණොත් සුරංගනාවියන් එක්ක මල් කඩන්න වේවි. දැන්ම නිවන් දකින්න බැහැ. ජොලියක් දාන්න බැරි නිසා දිව්‍යලෝකේ ගිහිල්ලා සුරංගනාවියන් එක්ක මල්කඩා කරට උඩින් අතදාගෙන ගිහිල්ලා තමයි මැරෙන්න  ඕනෑ. යාළුවන් නිසා එක සිල් පදයක් කැඩෙනවා. රතු වයින් ටිකක් බොනවා. දිව්‍යලෝක පෝලිමේදී ලෝ දිය ටිකකුත් කටේ හලාවි. කෙසේ නමුත් දිව්‍ය ලොකයට ගිහිල්ලා ඒවා එපා වුනාම නිවන් දකිනවා යනුවෙන් නැවත වරක් ප්‍රකාශ කලේ කාගේත් සිනා මැදයි.

No comments:

Post a Comment