Sunday, May 13, 2012

ජනපති දෙල්කද වෙළෙදුන්ට මැයි දින දුන් පොරොන්දුව කඩ කරයි

lankahotnews.org
නුගේගොඩ , දෙල්කඳ පොළ පිහිටි භූමිය වෙළෙඳාම සඳහා ලබානොදීමට එම ඉඩම් හිමිකරු ගෙන ඇති තීරණය හේතුවෙන් ගැටලුකාරී තත්ත්වයක් උද්ගතව තිබේ.

පෞද්ගලික හිමිකරුවෙකුට අයත් භූමියක් තුළ දෙල්කඳ පොළ පවත්වාගෙන යන අතර එය වසර 100කට අධික කාලයක් තිස්සේ පවත්වාගෙන යන බව එහි වෙළෙඳ පිරිස් පවසති.


2012 මැයි දිනයේ ජනපති පොරොන්දු අතරට දෙල්කද පොළ ප්‍රශ්ණය විසදන බවත් ඒ සදහා මැයි දිනයට සහභාගී වන ලෙසත් දුන් පෙරොන්දුව කඩ කරමින් ඉරිදා දෙල්කඳ පොළ භූමියට ඇතුළු වීම වළක්වා තිබුණි.

නමුත් අලුයම වෙළෙඳුන් බලහත්කාරයෙන් එම භූමියට ඇතුළු වී වෙළෙඳාම් කටයුතු ආරම්භ කිරීම නිසා තරමක නොසන්සුන්කාරී තත්ත්වයක් උද්ගත වී තිබේ. උද්වේගයට පත් වෙළදුන් පවසා සිටියේ තමන්ට වෙළදාම් කිරීමට ජනපති අවසරය ලැබුණු බවයි.

රත්තණපිටිය ප්‍රදේශයේ පවතින ඉඩමක් සම්බන්ධයෙන් කෝට්ටේ සහ මහරගම නගර සභා අතර එකඟතාවක් නොමැති වීම ‍එම යෝජනාව ක්‍රියාත්මක කිරීම කල් යාමට හේතුව බව අනාවරණය වේ.

No comments:

Post a Comment