Sunday, May 13, 2012

ඒඩ්ස් මර්ධනයට ඖෂධයක් සොයාගනී

lankahotnews.org
 ඒඞ්ස් රෝගයෙන් වැලකී HIV අසාධනය මර්ධනය කල හැකි බෙහෙතක් නිර්මාණය කර ඇති බවට අමෙරිකාවෙන් වාර්තා වේ. Truveda නම් වන මෙම පෙති වර්ගය HIV රෝග නිවාරකයක් ලෙස භාවිතා කල හැකි බවත් මෙම බෙහෙත සොයාගත් අමෙරිකානු රාජ්‍ය ආධාරක වෛද්‍ය කණ්ඩායමේ හා තවත් විද්‍යාඥයින් පිරිසකගේ මතය වේ. අමෙරිකානු ආහාර හා ඖෂධ අධිකාරිය
විසින් පවත්වන ලද විශේෂ පරීක්ෂණයකින් පසු මෙම ඖෂධය ඒඞ්ස් රෝගය සදහා වුවද දිනකට එක් වරක් බැගින් භාවිතා කල හැකි අතර HIV ආසාධනයෙන් වැලකීමටද යොදා ගත හැකි බව ඔවුන් පෙන්වා දෙයි. මෙම පෙත්ත වෙනත් බරපතල තත්වයේ රෝගාබාධ සඳහා අසාධනය වන රෝගීන්ට හා ඉන් මිදිම සඳහාද භාවිතා කිරිමට මෙම ඖෂධය වෙනුවෙන් FDA අනුමැතිය ලබදෙන ලෙසද නිදහස් වෛද්‍ය විශේෂඥ සංගමය ඉල්ලීමක්ද සිදු කර ඇත.
අනුමැතියෙන් පසු මෙම ඖෂධය සදහා මාසිකව $900ක් පමණ ඒඩ්ස් රෝගියකු දැරිය යුතු යැයි ඇස්ථමේන්තු කොට ඇත.
ඒඩ්ස් සදහා මෙම ඖෂධයට සමහර කණ්ඩායම් විරෝධය දක්වා ඇති අතර ඒඩ්ස් වලට බෙහෙද් යැයි මෙවැනි කලින් කලට බිහිවන ඖෂධ, සමාගම් ලාභ ඉපැයීමටත් තමන් ඉතා වැදගත් පර්යේෂණ වල නිරත වන බවටත් ලෝකයට මවා පාන බොරුවක් බවත් ඒඩ්ස් රෝගීහු කිහිප දෙනෙක්ම අදහස් දක්වා තිබුණි.

Watch The Video

No comments:

Post a Comment