Tuesday, May 15, 2012

නැවත පදිංචිකරවීමේ වැඩපිළිවෙලට ඇමෙරිකාවෙන් ජනපතිට පැසසුම්

lankahotnews.org
රජය විසින් ක්‍රියාත්මක කර ඇති නැවත පදිංචිකරවීමේ වැඩපිළිවෙළ අමෙරිකානු ජාත්‍යන්තර සංවර්ධන ආයතනයේ පැසසුමට ලක්ව තිබේ

14 පෙරවරුවේ නැවත පදිංචි කිරීමේ අමාත්‍ය ගුණරත්න වීරකෝන් මහතා සමඟ පැවති විශේෂ සාකච්ඡාවක දී එම ආයතනයේ මානූෂීය කටයුතු පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ට්‍රෙවර් හියුබ්ලින්ග් මහතා මේ බව ප්‍රකාශ කර ඇත.

නැවත පදිංචි කරවීමේ වැඩපිළිවෙළ සඳහා තවදුරටත් සහය ලබාදෙන බව එහි දී අදහස් දැක් වූ ට්‍රෙවර් හියුබ්ලින්ග් මහතා සඳහන් කරයි.

ඉදිරි මාස තුන ඇතුළත නැවත පදිංචි කරවීමේ වැඩසටහන අවසන් වුව ද එම පිරිස් යළි නඟා සිටුවීම සඳහා තවත් වසර 5ක් පමණ ගතවනු ඇති බව ගුණරත්න වීරකෝන් අමාත්යවවරයා එහි දී පෙන්වා දී තිබේ.  මේ සදහා අති ගරු මහින්ද රාජපක්ෂ මහතා නිරන්තර උපදෙස් ලබා දෙන බවත් ඔහු සදහන් කොට තිබේ.

එසේම තමිල්නාඩු ප්‍රාන්තයේ සිටින සරණාගතයින් ශ්‍රීලංකාවට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළක් ද සකස් කර ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

No comments:

Post a Comment