Thursday, May 17, 2012

සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ඇතුළත්වීම සඳහා පැවැත්වෙන ප්‍රායෝගික පරීක්ෂණ පවත්වන්නේ නෑ

lankahotnews.org
සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමේ දී පැවැති ප්‍රායෝගික පරීක්ෂණ මින් ඉදිරියට නොපවත්වන බවත් උසස් පෙළ සෞන්දර්ය විෂයන් සඳහා පැවැත්වෙන ප්‍රායෝගික පරීක්ෂණවල ගුණාත්මක බව ඉහළ නංවන බවත් උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි. සෞන්දර්ය විශ්වවිද්‍යාලයට අලුතින් සිසුන් ඇතුළත් කරගැනීමේ දී පැවැති ප්‍රායෝගික පරීක්ෂණ අහෝසි කිරීම
පිළිබඳ ව එල්ලවුණු විරෝධතා සහ විවිධ මත පිළිබඳ ව කරුණු පැහැදිලි කරමින් අමාත්‍යවරයා මෙසේද පැවසීය. ‘ප්‍රායෝගික පරීක්ෂණයට සහභාගි වූ සිසුන් 71ක් අසමත් වී සිටියා. මේ සිසුන් විශ්වවිද්‍යාලයකට සුදුසුකම් ලැබූ අය. එහෙත් මේ දරුවන්ට විශ්වවිද්‍යාලයක් නෑ. මේ අසාධාරණය පිළිබඳ ව පෙත්සම් විශාල ප්‍රමාණයක් ලැබී තිබෙනවා. පුදුමාකාර විදියට ප්‍රායෝගික පරීක්ෂණ කරන දරුවන් කරදරයට පත්වෙලා. කීපදෙනෙකුට මේ සඳහා ලොකු වුවමනාවක් තිබෙනවා. සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ අය දන්නවා ප්‍රායෝගික පරීක්ෂණවල දී වන දේවල්. ඒ නිසා සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ඇතුළත්වීම සඳහා පැවැත්වෙන ප්‍රායෝගික පරීක්ෂණ පවත්වන්නේ නෑ. එහෙත් විශ්වවිද්‍යාල තුළ සිදු කෙරෙන සාමාන්‍ය ප්‍රායෝගික පරීක්ෂණ සිදු වෙනවා. උසස් පෙළ සෞන්දර්ය විෂයට ඒ සමාර්ථය ලබාගෙන නැවත ප්‍රායෝගික පරීක්ෂණයකට යෑම තේරුමක් නෑ. උසස් පෙළ සඳහා පැවති ප්‍රායෝගික ලකුණු මට්ටම වන න්‍යායාත්මක 60% සහ ප්‍රායෝගික මට්ටම 40% මින් පසු න්‍යායාත්මක 50% සහ ප්‍රායෝගික 50% වන සේ සකස්වනවා. එමෙන් ම මේ ප්‍රායෝගික පරීක්ෂණවල තත්ත්වය ඉහළ දමන්නට කටයුතු කරනවා. විශ්වවිද්‍යාල ආචාර්යවරු, කථිකාචාර්යවරු මෙහි සුපරීක්ෂණයට යොදනවා එස්.බී දිසානායක මහතා වැඩි දුරටත් සදහන් කළේය.

No comments:

Post a Comment