Thursday, May 17, 2012

පෙ.ස.ප. හැරගිය නායකයින් දිමුතු ආටිගල හෙලි කරයි

lankahotnews.org
ජවිපෙ කට්ටිවාදීන් විසින් ගොඩනගන ලද පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන පෙලේ නායකයන් කිහිප දෙනෙකුම පක්ෂ හැර යද්දී පෙ.ස.ප. නායකයින් ප්‍රකාශ කලේ අපට ඇත්තේ මතවාදී ප්‍රශ්ණයක් බවත් ඒ සදහා දොරගුළු විවෘත්ත බවත්ය.
මෙවර පොලොන්නරුවේදී පණ්ඩුක හා දිමුතු අබේකෝන් යන මහත්වරුන් පක්ෂය හැර ගොස් ඇති බව එහි දේශපාලන මණ්ඩල සභික දිමුතු ආටිගල මහත්මිය පිළිගෙන ඇත. දිගු වේළාවක් මේ සම්බන්දයෙන් අදහස් දැක්වූ දිමුතු ආටිගල මහත්මිය පණ්ඩුක හා දිමුතු යන අයට විප්ලවවාදී කඩිකුලප්පුවක්
තිබුණ බවත් එවැනි භවිතයක් ළදරු වාමාංශික පක්ෂයකට නොගැල‍පෙන බවත් ප්‍රකාශ කල ඇය මේ සදහා උදාහරණ විශාල ප්‍රමාණයක් සැපයීය. තමන් ජවිපෙ තුල විප්ලවාදී කටයුතු ආරම්භ කල මෙහොතේ පටන් විප්ලවය හදිසි වූ පණ්ඩුක, දිමුතු නිසා ජවිපෙ තුලදී හා ඉන් ඉවත්වීමේදී ආකර්ෂණයක් තිබුණද දුෂ්කරතාවයන් විදිමින් දිගුකල් දිවෙන විප්ලවවාදී ගමනට එම ස්වරූපය පක්ෂයට හානි දායක බවද, ඔවුන් ඉදිරිපත් කරන මාක්ස් වාදී කව හරහා පංතිය සවිඥ්ඥානික කිරීමේ වැඩපිළිවෙල යල්පැන ගිය ආකෘතියක් බවත් ප්‍රකාශ කලාය.


මේ පිළිබද අදහස් දැක්වා ඇති පණ්ඩුක මහතා තමන් ඉදිරිපත් කල පංතිය දැනුවත් කිරීමේ කව ආකෘතිය දිගුකාලීන වැඩපිළිවෙලක් බවත් එහි පක්ෂයක් නිර්මාණය වීම ඉතා සංකීර්ණ හා දියුණු අවස්ථාවකදී සිදුවන්නක් බවද ප්‍රකාශ කලේය. ඇත්තෙන්ම කඩි මුඩිය තිබුනේ දිමුතු ආටිගල මහත්මියට බවත් ඇයට අවශ්‍යව තිබුනේ ජවිපෙ නායකයන්ට මඩ ගැසීම හා ජවිපෙට විකල්ප පක්ෂයක් ගොඩ නැගීම බවත් එවැනි භාවිතාවක් දේශපාලන මණ්ඩලය තුල සිටිය අයකුගෙන් මතු වීම නිසා බුද්ධියෙන් කලයුතු බොහෝ දෑ අමතක කොට සංවේදීකමට පක්ෂයක් ඇටවීම විප්ලවයට කල හානියක් බවද ප්‍රකාශ කලේය.

1 comment:

  1. මේ ගෑනිට මොන දේශපාලනයක්ද තේරෙන්නේ. සුදුවෑන් වලින් එන උන්ට අයියලා කියපු කෙනානේ

    ReplyDelete