Tuesday, May 15, 2012

ෆොන්සේකා නිදහස් කරන බව මම දන්නෙත් මාධ්‍යවලින් - ජනපති

lankahotnews.org
හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා මහතා නිදහස් කරන බවට පැතිර යන ආරංචි තමන්ද දැන ගත්තේ මාධ්‍ය වාර්තා හරහා බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසා තිබේ. ඊයේ  උදැසන ලහි ලහියේ අරලියගහ මන්දිරයට පැමිණි එක්සත් ජාතික පක්ෂ නියෝජිතයන් හමුවු අවස්ථාවෙදි ජනාධිපතිවරයා
මේ බව කියා තිබේ.
මෙම හමුවෙදි එජාප පාර්ලිමෙන්තු මන්ත්‍රි ජොන් අමරතුංග මහතා ජනාධ්පතිවරයාගෙන් විමසා ඇත්තේ සරත් ෆොන්සේකා නිදහස් කිරිම පිළිබදව පවතින තත්ත්වය කුමක්ද කියාය.එහිදි ජනාධිපතිවරයා සිනාසෙමින් පිළිතුරු දි ඇති අතර ඔහු සදහන් කර ඇත්තේ එවැනි නිදහස් කිරිමක් පිළිබදව තම්න් තොරතුරු දැන ගත්තේද ඒ සම්බන්ධයෙන් මුද්‍රිත මාධ්‍ය ඇතුලු මාධ්‍ය වාර්තා හරහා බව පවසා තිබේ.

මෙහිදී ජනාධිපතිතුමා මෙහිදී දමිළ ජාතික සන්ධානය පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට කැඳවා ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ සහාය පැතීය.

එතැකින් නොනැවතී මේ ප්‍රශ්නයේ උතුරු හා නැගෙනහිර පවතින තත්ත්වය සහ එවාට විසදුම් සෙවිමේ අවසානයක් දකින්න ට රජයට අවංක උවමනාවක් තිබෙන බව එක්සත් ජාතික පක්ෂය පිළිගෙන තිබේ.

No comments:

Post a Comment