Tuesday, May 15, 2012

ශිව ලිංගයත් යෝනි ගලත් සොරකම් කරයි - ශිව දේවාලය අනාරක්ෂිතයි

lankahotnews.org
පොළොන්නරුව පූජා භූමියේ පිහිටි විශාලතම ශිව දේවාලය නිධන් සොරුන් විසින් විනාශ කර තිබේ.

අඩි 4ක් පමණ උසින් යුත් ශිව ලිංගය ද සොරුන් විසින් රැගෙන ගොස් ඇති බවද ශිව දේවාලය ඇතුලේ ශිව ලිංගය තැන්පත් කර ඇති ගර්භ ගෘහයේ යෝනි ගල ඉවත් කර අඩි තුනහමාරක වලක් හාරා ඇතැයි ඒ පිළිබදව පරික්ෂණ සිදුකරන පුරාවිද්‍යා නිළධාරින් කියා සිටි.

ශිව ලිංගය සිටුවා තිබූ ප්‍රදේශය කැණීම් කර එහි තිබූ ඉපැරණි භාණ්ඩ ද රැගෙන ගොස් ඇති බවට තොරතුරු ලැබී තිබේ.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා පොලිස් කණ්ඩායමක් පත් කර ඇති බව වාර්තා වේ.


1 comment:

  1. මම නම් හිතන්නෙ ශිව ලිංගය, යෝනි ගල එක්ක කාටවත් පේන්නෙ නැති තැනකට පැනලා යන්න ඇති.

    ReplyDelete