Thursday, May 24, 2012

ලාඕසය, කාම්බෝජියාව ජනාධිපතිවරුන්ට පමණක් මහින්ද රාජපක්ෂ පරදී

lankahotnews.org
අමෙරිකානු ජනමත විමසුම් සමාගමක් වන Gallup විසින් ආසියාවට අදාළව කරන ලද නවතම ජනමත විමසුමේදී ශ්‍රී ලාංකිකයින් 91% ක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩපිළිවෙළ අනුමත කරන බව සඳහන් කරයි.

එසේම 6% ක පිරිසක් ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ අනුමත නොකරන බවත්,තවත් 3% ක පිරිසක් ඒ පිළිබඳ සිය කැමැත්ත හෝ අකමැත්ත ප්‍රකාශ කර නොමැති බවත් Gallup නිල වෙබ්
අඩවියේ සඳහන්ය.

එසේම මෙම සමීක්ෂණයට අනුව ආසියානු රටවල ජන නායකයින්ගෙන් ප්‍රථම ස්ථානයට පත්ව ඇත්තේ ලාඕසයේ චොම්මාලි සෙයිග්නසන් වන අතර දෙවන ස්ථානයට පත්ව ඇත්තේ කාම්බෝජියාවේ හුන්සෙන්ය.

මෙම තියුණු තරගයක් බවත් රාජපක්ෂ මහතා ලද ජය රටට කීර්තියක් ගෙනදුන් බවත් ඉන් මහින්ද රාජපක්ෂ මහතා රට නිවැරදිව මෙහෙයවීම හෙලිදරව්වන බවත් බවත් රජයේ මාධ්‍ය ප්‍රකාශ කරයි.

1 comment:

  1. ලාඹිසය හා කාම්බෝජය කොහේද? ඒකාධිපතිවාදි රටවල්

    ReplyDelete