Friday, May 25, 2012

නීති විරෝධී ජංගම දුරකතන ආනයනය නැවතීමට ජිල්මාට් එකක්

lankahotnews.org
ජංගම දුරකතනයක් මිල දී ගැනීමේ දී එහි තත්ත්වය පිළිබඳව පාරිභෝගිකයින්ට පූර්ණ විශ්වාසයක් ලබා ගත හැකි නව තාක්ෂණික ක්‍රමවේදයක් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මගින් හඳුන්වා දෙන ලදි.
දැනට වෙළෙඳපොළ කරා පැමිණෙන නීති විරෝධී දුරකතන ආනයනය කිරීම වළක්වාලීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට නොහැකි බැවින් ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම පමණක් සිදු‍ කෙරේ.

කෙසේ නමුත් කොමිෂන් සභාව මේ වන විට හඳුන්වා දී ඇති නව තාක්ෂණික ක්‍රමවේදය ඔස්සේ මින් ඉදිරියට පාරිභෝගිකයින්ටතමන් මිලදී ගන්නා දුරකතනයේ තත්ත්වය පිළිබඳ මනා අවබෝධයක් ලබා ගැනීමට හැකි වේ.

මෙහි දී ජංගමදුරකතනයක් මිල දී ගැනීමට ප්‍රථම දුරකතන පෙට්ටියේ සහ දුරකතනයේ අංක 15කින්යුතු ඉමි අංකය  (IMEI)  සමඟ අදාළ දුරකතනයේ අංක පුවරුවෙන් *#06# ඇතුළත් කොටලැබෙන අංකය සසඳා ඉමි අංකය තහවුරු කර ගත හැකි වේ. අදාළ ඉමි අංකය , IMEI හිස්තැනක් දුරකතනයේ ඉමි අංකය යොදා 1909 වෙත SMS පණිවිඩයක් එවීමෙන් තත්පර30ක් ඇතුළත දුරකතනයේ නීතිමය ආවරණය පිළිබඳව පාරිභෝගිකයා වෙත තොරතුරු ලබා ගතහැකිවේ.
එම මගින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේඅනුමැතිය එම දුරකතනය වෙත හිමි වී ඇති බව තහවුරු කර ගත හැකි වන බවත් එම අනුමැතිය කොමිෂන් සභාව මගින් ලබාදෙනුයේ ජාත්‍යන්තර ප්‍රමිති ආයතනය ලබා දෙන සහතිකය මත බවත් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරයි.

No comments:

Post a Comment