
පසුගිය උසස් පෙළ විභාගයේ Z-score ලකුණු ප්‍රදානය කිරීමේදී ඇතිවූ ගැටලු පිළිබඳ අධ්‍යයනය කිරීමට කමිටවුක් පත්කිරීමට අවසර ඉල්ලා උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී දිසානායක මහතා විසින් නීතිපතිනිය මාර්ගයෙන් කරන ලද ඉල්ලීමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම ඉල්ලීම
අද සලකා බලා ඇත.
විශ්වවිද්‍යාලයට සිසුන් ඇතුළත් කිරීමට අදාළව තීන්දු ගැනීමට බලය ඇත්තේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට බවත්,උසස් අධ්‍යාපන අමාත්‍යවරයාට ඒ සම්බන්ධයෙන් අයිතියක් නොමැති බවත්,ඒ හේතුවෙන් මෙම ඉල්ලීම පදනම් විරහිත බවත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෙන්වා දී තිබේ.
එසේම පසුගිය උසස් පෙළ විභාගයේ Z-score ලකුණු ප්‍රදානය කිරිමේ ගැටලුව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දුවක් ප්‍රකාශයට පත්කිරීමට නියමිතව ඇති බැවින් උසස් අධ්‍යාපන අමාත්‍යවරයාගේ ඉල්ලීම සලකා බැලිය නොහැකි බව තීන්දුවිය.
පුලුවන්නම් වචාල කටින් මොනව හරි කියන්න. ආයෙත් ජම්පරය අදින්න පුලුවන්
ReplyDelete