Friday, May 25, 2012

නොතාරිස් වරුන්ට දැඩි නීති රීති වලට යටත් කිරීමට ජනපති අණ

lankahotnews.org 
අවශ්‍යතාවලට ගැළපෙන පරිදි හා වංචනික ක්‍රියාවන් මැඩ පැවැත්වීම සඳහා නොතාරිස් ආඥා පනත සංශෝධනය  කිරීමට මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ.

ශ්‍රී ලංකාවේ ලේඛන ලියා සහතික කිරීමේ දී නොතාරිස්වරුන් පිළිපැදිය යුතු රීති මෙමගින් දැඩි කෙරේ.

තවද ලේඛන ‍ලියාපදිංචියේ දී නොතාරිස්වරුන් වංචනික
ක්‍රියාවන්හි නිරත වන අවස්ථාවන්හි දී දැනට පනවනු ලබන රුපියල් 2000ක් වන උපරිම දඩය රුපියල් ලක්ෂයක උපරිමය දක්වා වැඩි කිරීමට එම සංශෝධනය මගින් ඉඩ සැලසේ.

ව්‍යාජ ලෙස ලේඛන ලියා සහතික කිරීම, ව්‍යාජ ලේඛන මත ඉඩම් විකිණීම වැනි ක්‍රියාවන් වර්තමානයේ නිරන්තරයෙන් ම අනාවරණය වන බැවින් එම වංචනික ක්‍රියා වැළැක්වීමත් මේවන විට ඔප්පු ලිවීමේ කටයුතුවලදී අදාළ බලප්‍රදේශ හැඳින්වීමට පත්තු,කෝරල ආදී පැරණි නාමයන් හා සීමා නීර්ණයන් භාවිතා කිරීම නිසා ඒවා ක්ෂණිකව හඳුනාගැනීමට අපහසුවීම නිසා මෙම පනත් සංශෝධනය කිරීමට තීරණය කර ඇත. ඒ අනුව නව සංශෝධිත පනත් කෙටුම්පත්වලින් පසු ඔප්පු ලිවීමේදී පැරණි ක්‍රමය වෙනුවට අදාළ ප්‍ර.ලේ කොට්ඨාසය,ග්‍රාම නිලධාරී වසම ආදී සීමා නීර්ණය තුළින් ඉකී ඉඩම හැඳින්වීම කළ යුතු බව සඳහන් වේ.

No comments:

Post a Comment