Friday, May 25, 2012

මෙවන් යුගයක වැඩි පඩි ඉල්ලීම මෝඩ කමක් පඩියට වඩා වැඩ කිරීමයි වැදගත් - ශ‍්‍රී ලංකා නිදහස් සේවක සංගමය

lankahotnews.org
පඩි ඉල්ලලා උද්ඝෝෂණ කරලා කෑගහනවාට වැඩිය ලබන වැටුපට වඩා වැඩි සේවයක් කිරීම ලංවිමට වගේ ම අද මේ රටටත් අවශ්‍යයි. ඒ සඳහා පෙළගැසෙන ලෙස ලංවිම ශ‍්‍රී ලංකා නිදහස් සේවක සංගමය සිය සහෝදර සේවකයන්ගෙන් ඉල්ලා සිටී.

සේවකයින් වෙනුවෙන් කතා කරනවා යැයි කියන බොහෝ වෘත්තීය සමිති සිදුකරන්නේ තම තමන්ගේ දේශපාලන න්‍යාය පත‍්‍ර ඒ ඒ ආයතන තුළ ක‍්‍රියාත්මක කිරීමයි. සෑම අවස්ථාවක ම

වැඩකරන ජනතාවගේ වෘත්තීය අයිතීන් දිනා දුන් වත්මන් රජය අපහසුතාවට පත්වන පරිදි ආණ්ඩු විරෝධි කිසි ම රැල්ලකට කිසිදු සහයක් ලබා නොදෙන බව ලංවිම ශ‍්‍රී ලංකා නිදහස් සේවක සංගමය විශේෂ ප‍්‍රකාශයක් සිදුකරමින් කියා සිටී.

ඉදිරියේ ලංවිම තුළ ක‍්‍රියාත්මක කරනවා යැයි පවසන වෘත්තීය ක‍්‍රියාමාර්ග සහ උද්ඝෝෂණ සම්බන්ධයෙන් අමාත්‍යාංශය කළ විමසීමක දී ශ‍්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් කරුණා ගමගේ මහත්මිය සහ එම සංගමයේ උප සභාපති කරුණාරත්න මහතා මෙම අදහස් පළ කළහ. එම සංගමය වැඩිදුරටත් සඳහන් කර සිටියේ මේ වනවිට ලංකා විදුලිබල මණ්ඩලය තුළ එක් එක් ශ්‍රේණි අතර වැටුප් විෂමතාවයක් පවතින්නේ නම් එය වෙනස්කරගත යුත්තේ පිළිගත් ක‍්‍රමවේදයකට අනුව බවයි. මේ වනවිට ඒ සඳහා අවශ්‍ය මූලික සාකච්ඡා, බහුතර වෘත්තීය සමිති සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් ලංවිම සහ අමාත්‍යාංශ නිලධාරීන් අතර පවත්වා ඇත. ඒ අනුව අදාළ වැටුප් වර්ධක සිදුකළ යුත්තේ ආයතනයට ගැළපෙන කාර්ය සාධන ඇගයීමක් සිදුකර. සමස්ත රාජ්‍ය සේවකයාට පොදු ක‍්‍රමවේදයක් යටතේයි.

No comments:

Post a Comment