Sunday, May 20, 2012

දොරට තට්ටු කරන සද්දෙට මිදුලට ගියාම මිදුල පෙරලෙනවා

lankahotnews.org
දිවයිනේ ප්‍රදේශ තුනකට අද(20) අලුයම භූකම්පන තත්ත්වයක් බලපා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
නුවරඑළිය, බදුල්ල  සහ මාතලේ දිස්ත්‍රික්කයන්ට එම කම්පන තත්ත්වය විනාඩි 02ක පමණ කාලයක් බලපා ඇති අතර භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ පල්ලේකැලේ පිහිටි භූකම්පන මානවලද එම තත්ත්වය සටහන්ව තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරන ලද්දේ මෙම
තත්ත්වය සම්බන්ධයෙන් දැනටමත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ භූ විද්‍යා හා පතල් කාර්යාංශය සොයා බැලීමක් ආරම්භ කර ඇති බවය. 

තමන්ට නින්දේදී දොරට තට්ටු කරන හඩට මිදුලට  ගිය විට මෙම තත්වය හදුනාගත් බව මෙම අත්දැකීමට මහුන දුන් මාතලේ මවක් ප්‍රකාශ කලාය. තමා මෙම අවස්ථාවට අධිෂ්ඨාන ශීලීව මුහුන දුන් නිසා කරදරයක් නොවී බේරුණු බවද ඇය ප්‍රකාශ කලාය.


No comments:

Post a Comment