Sunday, May 20, 2012

ජවිපෙ කැරලිකාර කණ්ඩායම බිහිකිරීමේ ප්‍රබලයා පෙරටුගාමීන්ට අහිමිවේ

lankahotnews.org
ජවිපෙ කට්ටිවාදී න් ජවිපෙ කඩා දැමීමේ පුරෝගමියා හා එහි න්‍යායාචාර්ය පණ්ඩුක මහතා මේ වන විට පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙන් ඉවත් වී ඇත. ධනපති සමාජ උත්තර නිර්මිතයේ යෝධයෙක් වූ ධනපති දෘෂ්ටිවාදය මුළු මහත් ධනපති සමාජයම වෙලාගෙන ඇති මොහොතක මෙහි ග්‍රහණයට බලපෑමට නිර්ධන පංතියේ බහුතරයම ඇදවැටී ඇති මොහොතක ධනේශ්වර සමාජය පුරා විහිදී ගිය ධනේෂ්වර දෘෂ්ටිවාදයට එරෙහිව යෝධ මතවාදී අරගලයක යෙදෙමින් පීඩිත පංතිය
ධනේෂ්වර මතවාදයෙන් මුදවා ගැනීමේ අරගල යුගයේ අවශ්‍යතාවයක් ඇති මෙහොතක ඒ සදහා වූ විද්‍යාත්මක වැඩපිළිවෙලක් පෙරටුගාමී සමාජවාදී පක්ෂයටත් නැති නිසා තමන් ඉන් ඉවත් වූ බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක පණ්ඩුක මහතා පවසයි.

නිර්ධන පංතියේ අරමුණු උදෙසා ජීවිත පරිත්‍යාගයෙන් ගොඩනැගුණු ජවිපෙ කේඩරය හා විශේෂයෙන් එහි බහුජන පක්ෂයේ නායකත්වයේ සාධනීය වෙනස්කම් කිරීම විනා ජවිපෙ කඩා කුඩා පක්ෂයක් අටවා ගැනීම තමාගේත් තවත් ජවිපෙ හැරගිය බොහෝ සමාජිකයන්ගේත් කාර්යය නොවුන බවයි පණ්ඩුක මහතා පවසන්නේ.

දියුණු බහුජන නායකත්වයක් ඉල්ලා සිටින මෙහොතක වරුණ දීප්ත වැනි සුළු ධනපති ‍රොමැන්ටික් විප්ලවාදීන් , නිලධාරි වාදයේ පරමාදර්ශය වූ ජී කුලරත්න, ඕපා දූප හා සදාචාර පිරිහීමේ සංකේතය වූ දිමුතු ආටිගල වැන්නවුන් සමග  හා තවත් දුර්වල පෞර්ෂයන් නිසා ජවිපෙන් අනිවාර්යය ලෙස ඉවත් වීමට සිටිය පුද්ගලයන් හා සමාජ වෙනසක් වෙනුවෙන් අවංකව වැඩ කල ඒ වෙනුවෙන් සැබෑ ලෙසම වෙනස්වීමට සිටි අය දේශපාලන Game එකකින් රැවටූවන් සමග තමන්ට ගමනක් නැතැයිද පැවසූ පණ්ඩුක මහතා පෙරටුගාමී සමාජවාදී පක්ෂය මගින් ඉදිරිපත් කල විප්ලවීය ප්‍රතිපත්ති ප්‍රකාශය ඇතුළු බොහෝ ඔවුන්ගේ බොහෝ ප්‍රකාශනත් භාවිතාව තුල ජවිපෙට වඩා ප්‍රායෝගිකවාදීන් වී ඇති ආකාරයත් දැඩි ලෙස විවේචනය කලේය.   මාක්ස්වාදී අධ්‍යයන කව ගොඩනැගීම සදහා තම අවබෝධයන් පුලුල් කරගැනීමේ හා සංවිධානය කිරීමේ දුෂ්කර කටයුත්තේ නිරත වන බවද පණ්ඩුක මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

මේ පිළිබදව පෙරටුගාමී පක්ෂයේ ප්‍රකාශකයෙක් සදහන් කලේ පණ්ඩුක විප්ලවාදී කුලප්පුවක සිටිබවත්, ජවිපෙට පැමිනි මෙහොතේ පටන් දේශපාලන මණ්ඩල සභිකයෙක් ලෙස හැසිරුන බවත් සුළු ධනපති මනෝභාවයකින් කටයුතු කරන බවටත් තරුණ සංගම් නායකත්වය වරුණ සහෝදරයාට ලබාදීමේදී වූ කම්පනයත් නිසා පෙ.ස.ප. හැරගිය බවයි. සුළු ධනපති මනෝභාවයකින් පෙළුණ දෙවැනි විමල් වීරවංශ වැනි අයෙක් මෙසේ පක්ෂයෙන්  යෑම පිළිබද තමන්ට කණගාටුවක් නැතැයිද ප්‍රකාශ කළේය.


2 comments:

  1. Game karayo game walinma walale yanawa JVP nosalee perata

    ReplyDelete
  2. විප්ලවවාදී කුලප්පුව කියන වචනට වමේ ව්‍යාපාරයට හදුන්වලා දුන්නේ ලංකාවෙන්ද?

    ReplyDelete