Sunday, May 20, 2012

ජනාධිපති රට ගියේ ෆොන්සේකාට නිදහස ලබා දීම සදහා ලේඛණ වලට අත්සන් කරලා

lankahotnews.org
හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා‍ට නිදහස ලබා දීම සඳහා වන ලිපි ලේඛනවලට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අත්සන් තබා තිබේ. ඉකුත් 18වනදා ජනාධිපතිතුමා එම ‍‍ලේඛන සඳහා අත්සන් තැබූ බව ජනාධිපති ප්‍රකාශක හා ජාත්‍යන්තර මාධ්‍ය උපදේශක බන්දුල ජයසේකර මහතා පැවසීය.

අනතුරුව අදාළ ලේඛන ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානි ගාමිණී සෙනරත් මහතා වෙත ජනාධිපතිතුමා භාරදී ඇත. ඒ අනුව
අදාළ ලේඛන හෙට(21) දිනයේ දී අධිකරණ අමාත්‍යාංශය වෙත යොමු කිරීමට නියමිත බව ද බන්දුල ජයසේකර මහතා සඳහන් කළේය.

මේ අතර සරත් ෆොන්සේකා මහතා නිදහස් කිරීම සම්බන්ධව ඊයේ(19) දිනයේ දී ද ප්‍රජාතන්ත්‍රවාදී ජනතා සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා,ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා පවත්වා ඇතැයි වාර්තා වේ.

කෙසේ නමුදු ජනාධිපතිගේ කටාර් සංචාරය නිසා සරත් ෆොන්සේකා මහතා නිදහස් කරගැනීමට කල් ගත වේයැයි තිබූ සැකය මින් මග හැරී යයි.

1 comment:

  1. Me Mahindage thiyenne gamwala yamak kamak notherana gahanu karana wada.Janathawa mehema kenekuwa neda Rate Nayakakamata pathkarala thiyenne.Katada pissu??? Janathawatada??? Rate [pissu kelina] Nayakatada???

    ReplyDelete