Thursday, May 31, 2012

ධනේශ්වර ආර්ථීකයේ අවසානයට හේතුව මිත්‍ය ප්‍රාග්ධනයයි

lankahotnews.org
ලෝකයේ කිසිම රටක නැති ආකාරයට ආණ්ඩුව මැදිහත් වී බැලූම් බෝලයක් මෙන් පිම්බූ කොටස් වෙළඳපොළ අද බිඳවැටෙමින් පවතින බවත් එයට ආණ්ඩුව සම්පූර්ණයෙන්ම වගකිව යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කරයි. එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා අද(31) එම පක‍ෂ ප්‍රධාන කාර්යාලයේ පැවති ජනමාධ්‍ය හමුවකදී මෙම චෝදනාව ආණ්ඩුවට එල්ල කළේය.

මාධ්‍ය හමුවේදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.
මහ බැංකුව, මහා භාණ්ඩාගාරය නිරන්තරයෙන් කීවේ අපේ ආර්ථීකය ශක්තිමත් බවයි. 8% ඉක්මවා ආර්ථීක වර්ධන වේගයක් ළඟා කරගෙන ඇති බවත් ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන කොටස් වෙළඳපොළ අප සතු බවත් කීවා. අද වෙනකොට කොටස් වෙළඳපොළ වේගයෙන් කඩා වැටෙමින් තිඛෙනවා. කොටස් වෙළඳපොළ කියන්නේ දියුණු ආර්ථීක මිනුම් දණ්ඩක් නෙවෙයි. සූදු පිටියක්. කිසිවක් නිෂ්පාදනය නොකර මුදල් මවමින් ලාභ ලබන කි්‍රයාවලියක්. මේ තුළ කොළඹ කොටස් වෙළඳපොළ වාර්තාගත අන්දමින් දියුණු වන බව පෙන්වීමට ආණ්ඩුව පිම්බීමක් කළා.
ලෝකයේ මුළු නිෂ්පාදන කි්‍රයාවලිය ඩොලර් ට්‍රිලියන 60ක් නම් එමෙන් විසි ගුණයක හුවමාරු වටිනාකමක් පෙන්වනවා. ධනේශ්වර ආර්ථීකයේ අවසානයට හේතු වී ඇත්තේ මේ වගේ මුදල් මැවීමේ ක්‍රියාදාමයන්. මේ තුළ ඇමරිකාව ඇතුළු බටහිර දියුණු ධනවාදී රටවල මූල්‍ය පද්ධති කඩාගෙන වැටුණා. ඇත්ත ආර්ථීක වටිනාකම ඉක්මවා ගිය මිත්‍යා තත්වයක් පෙන්නුම් කිරීමේ අවසාන ප්‍රතිඵලය අද මුළු ධනේශ්වර ලෝකයම අත්විඳිමින් තිඛෙනවා. වෙනත් ආර්ථීක අවපාතවලදී සිදුවූයේ නිෂ්පාදන විකුණාගත නොහැකි අර්බුදයක් ඇතිවීමයි. අද සිදුවී තිඛෙන්නේ නිෂ්පාදන විකුණාගත නොහැකි අර්බුදයක් නෙවෙයි. මූල්‍ය වෙළඳපොළ පද්ධතිය කඩා වැටීමක්. බැංකු බිඳවැටීමක්.
ආණ්ඩුව අපේ කොටස් වෙළඳපොළ වර්ධනය නිර්මාණය කළේ මහජනයා සතු සේවක අර්ථසාධක අරමුදල් යොදවා බැලූම් බෝලයක් වගේ පිම්බීමෙන්. දැන් එය කඩා වැටෙනවා. සේවක අර්ථසාධක අරමුදල් කොටස් වෙළඳපොළේ යෙදවීම එක පැත්තකින් නීති විරෝධීයි. ඒවා නීත්‍යානුකූලව ආයෝජනය කළ හැක්කේ රජයේ සුරැකුම්පත්වලයි. ඒ තත්වයක් යටතේ කොටස් වෙළඳපොළ සූදු කෙළියට මේවා යොදා ගත්තේ කොහොමද? 2011 පෙබරවාරි මාසයේ ඒකක 7811 ඉක්මවා සමස්ත කොටස් වෙළඳපොළ දර්ශකය ඉහළ ගියා. ආණ්ඩුව කීවේ ඉතා ඉක්මනින්ම එය ඒකක 10,000 ඉක්මවා යනු ඇති බවයි. නමුත් අද වන විට ඒකක 4865 දක්වා බිඳ වැටිලා.
ආණ්ඩුව කොටස් වෙළඳපොළ ගනුදෙනුවලට මැදිහත්වීම නිසා මහජනයා අතර කොටස් වෙළඳපොළ ගනුදෙනු ගැන විශ්වාසයක් ගෙඩනැගුනා. රජයේ ආරක‍ෂාව තිඛෙන බව විශ්වාස කළා. ඒ නිසාම විශ්‍රාමිකයන්ගේ අරමුදල්, EFT අරමදල්, විදේශ රැකියාවලින් ඉපැයූ මුදල් වගේ ආදායම් අඩු පොළියට බැංකුවේ තැන්පත් නොකර කොටස් වෙළඳපොළට යෙදවූවා. බැංකු පොළියට වැඩි ආදායමක් ලැබීම ඔවුන්ගේ අපේක‍ෂාව වුණා. ඒ අනුව සමස්ත කොටස් වෙළඳපොළ ගනුදෙනුවලින් 80% ක් පමණ සුළු ආයෝජකයක් මත රඳා පවතින තත්වයට පත් වුණා. කොටස් වෙළඳපොළ බිඳ වැටීම නිසා ඒ අය අද අන්ත අසරණ තත්වයට පත් වෙලා. ඒ අතර අණ්ඩු හිතවාදී මූල්‍ය ජාවාරම්කරුවන් සුළු පිරිසක් මේ සූදුවෙන් ලාභ ලබා තිඛෙනවා.
මුදල් අමාත්‍යාංශයේ ලේකම් පී.බී. ජයසුන්දර මහතා දැන් පවසන්නේ 8.2%ක වර්ධන වේගයක් තිබුණද බරපතල ආර්ථීක අනතුරක් ඇති බවයි. වෙළඳ ශේෂයේ හිඟය දෙගුණවීම ගැන ඔහු විශ්මය පළකර තිබුණා. නමුත් 1995 පමණ සිට මුදල් අමාත්‍යංශයේ ප්‍රධාන ගණන් ගැනීමේ වගකිවයුත්තා වශයෙන්  කටයුතු කළේ පී.බී. ජයසුන්දර මහත්මයා. මුදල් අමාත්‍යංශයේ වගකීම තාමත් දරන්නේ ඔහු. මේ තත්වයක් යටතේ සමස්ත ආර්ථීකය පිළිබඳව ඔහුට අවබෝධයක් තිබුණා. දැන් විශ්මය පළකළාට වැඩක් නැහැ. රටේ සමස්ත ආර්ථීක ස්ථාවරත්වයක් නැතිනම් මූල්‍ය වෙළඳපොළ රැකෙන්නේ නැහැ. බිඳ වැටෙනවා.
ඇමරිකාව ඇතුළු ආර්ථීක අර්බුදයට පත්ව ඇති ධනපති රටවල ආණ්ඩු මැදිහත් වී කොටස් වෙළඳපොළ පිම්බුවේ නැහැ. ඒක කළේ ව්‍යාපාරිකයන්මයි. නමුත් ලංකාවේ කොටස් වෙළඳපොළ පිරමීඩ ජාවාරමට සමානව සූදු පොළක් බවට පත් කළේ ආණ්ඩුවයි. වැඩකරන ජනතාවගේ ෑඡත‍ අරමුදල් ඇතුළු රාජ්‍ය මූල්‍ය ආයතන මහජන මුදල්ද යොදා ගනිමින් ආණඩුව කොටස් වෙළඳපොළ සූදුව කරගෙන ගියා. දැන් එය බරපතළ ලෙස බිඳවැටෙමින් තිඛෙනවා. මේකේ වගකීම සම්පූර්ණයෙන්ම ආණ්ඩුව බාරගත යුතු බව අපි අවධාරණය කරනවා. ඉතිරි කිරීමේ බැංකුවේ මහජන තැන්පත් මුදල් කොටස් වෙළඳපොළ සූදුවට යෙදීම ගැන ආණ්ඩුවේ ඇති වගකීම මොකක්ද? මේ දූෂිත ගනුදෙනුවට සම්බන්ධ වූ අයට විරුද්ධව ගනු ලබන නීත්‍යානුකූල පියවර මොනවාද? අපි මේ ගැන දැඩි විමසිල්ලෙන් පසුවෙනවා. ඉතිරි කිරීමේ බැංකුවේ අධ්‍යක‍ෂ මණ්ඩලය ඉල්ලා අස්වූ පමණින් ප්‍රශ්නය විසෙඳන්නේ නැහැ. ජනතාව සතු මුදල් නීති විරෝධී ආකාරයෙන් දූෂිත ගනුදෙනුවලට යෙදවීමට ආණ්ඩුවට බලය දුන්නේ කවුද? මේ වගේ තත්වයක් යටතේ ජනතාවගේ පරමාධිපත්‍ය බලයට වෙලා තියෙන්නේ මොකක්ද?
අපි මේ අන්ත දූෂිත තත්වය මහජනතාව අතරට ගෙනියනවා පමණක් නෙමෙයි, ඊට එරෙහිව නීතිමය වශයෙන් අපට ගතහැකි උපරිම පියවර ගැනීමට කටයුතු කරනවා.

1 comment:

  1. කොහෙද බං ධනවාදය කියල එකක් තියෙන්නේ මෝඩ කථා කියන්න එපා
    ඔය කාල් මාර්ක්ස් කියපු කථා ඔක්කොම බොරු වෙලා ඉවරයි.
    දැන් කියවන්න මහින්ද චින්තනය පොත.

    ReplyDelete