Friday, June 1, 2012

IOC ඩීසල් මිල ඉහල ගියත් ප්‍රෙට්‍රල් මිල ඉහල දැම්මේ නෑ රජය කියයි

lankahotnews.org
මෙරට ඉන්ධන බෙදා හැරීමේ යෙදෙන ඉන්දියන් තෙල් සමාගම විසින් රජයෙන් ඉල්ලා තිබුනේ ඞීසල් රුපියල් 10කින් හා පෙට‍්‍රල් රුපියල් 13කින් වැඩි කිරීමට අවසර දෙන ලෙසය. නමුත් ඊට එරෙහිවූ ජනපති මහින්ද රාජපක්ෂ මහතා  අද මධ්‍ය රාත‍්‍රියේ සිට IOC බෙදුම්හල්වලින් අලෙවි කරනු ලබන ඞීසල් මිල ඉහල නංවා තිබේ.
ඒ අනුව සුදු ඞීසල් හා සුපිරි ඞීසල් යන වර්ග දෙකම ලීටරයක් රුපියල් දෙකකින් ඉහල නංවා ඇත. මේ අනුව ඞීසල් ලීටරය
රුපියල් 117 ක්ද එක්ස්ට‍්‍රා මයිල් ලීටරය රුපියල් 119ක්ද වෙයි.
කෙසේ වෙතත් ඉන්දීය ඔයිල් සමාගමට ඉන්ධන මිල ඉහළ දැමීම සඳහා රජයේ අනුමැතිය අවශ්‍ය නොවන බව පසුගියදා ඛනිජතෙල් කර්මාන්ත අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කලේය.

මේ අතර රජයේ මාධ්‍ය පවසන්නේ පෙට්‍රල් මිල ඉහල නොදැමූ බවයි. 

No comments:

Post a Comment