Friday, May 18, 2012

ද්විද්ව පුරවැසි භාවය ලියාපදිංචියකින් තොරවම දෙන්න ජනපති අණ කරයි

lankahotnews.org
ශ්‍රී ලංකා පුරවැසිභාවය අවසන් කළ තැනැත්තන් වෙත ද්විත්ව පුරවැසිභාවය පිරිනැමීම විධිමත් කිරීම සහ ඔවුන් හා ඔවුන්ගේ දරුවන්ට නැවත මෙරටට පැමිණීමට හා ශ්‍රී ලංකාවේ රැදී සිටීමේ විධිමත් ක්‍රමවේදයක් සඳහා පාරිසමුද්‍රීය ශ්‍රී ලාංකිකයෝ යනුවෙන් නව යෝජනා ක්‍රමයක් ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත.
රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කළ මෙම යෝජනාවට අනුව
ශ්‍රී ලංකා පුරවැසිභාවය අවසන් කළ තැනැත්තන්ට හා ඔවුන්ගේ දරුවන්ට ටමෙරටට පැමිණීමට හා මෙහි රැදී සිටීමට මෙමගින් අවස්ථාව සැලසේ.

මෙම නව යෝජනා ක්‍රමය යටතේ ලියාපදිංචි වන තැනැත්තන් සීමාවාසික තත්ත්වයක වසර 5ක් ගතකිරීමෙන් අනතුරුව ද්විත්ව පුරවැසිභාවය අයදුම් කිරීමට සුදුසුකම් ලබයි.

තවද ජාතික යහපත පිණිස ජනාධිපතිවරයා අදහස් කරන අවස්ථාවක එබදු තැනැත්තන් හට මෙසේ පාරසමුද්‍රීය ශ්‍රී ලාංකිකයෝ යෝජනා ක්‍රමයේ ලියාපදිංචි කිරීමේ අවශ්‍යතාවයිකින් තොර ව ද්විත්ව පුරවැසිභාවය ප්‍රදානය කිරීමට ද ඉඩ සැලසෙන පරිදි 1987 අංක 45 දරන පනතින් සංශෝධිත  1948 අංක 18 දරන පුරවැසිභාවය පිළිබඳ පනතේ අදාල වගන්ති සහ 48 අංක 20 දරන ආගමන හා විගමන ප පනත ද සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය පළ ක‍ළේය.

No comments:

Post a Comment