හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා නිදහස් කිරීම සදහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගත් බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක බන්දුල ජයසේකර මහතා සඳහන් කළේය.
මේ අතර සරත් ෆොන්සේකා මහතාගේ නීතිඥයන් විසින් ඒ මහතා ඇප මත මුදා හරින ලෙස ඉල්ලා කොළඹ මහාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇත.
පසුගිය ජනාධිපතිවරණ සමයේ යුධ හමුදාවෙන් පලාගිය සෙබලූන් සේවයේ යොදවා ගත්තේ යයි චෝදනා මත තමන් වසරකට වැඩි කාලයක් රිමාන්ඞ් භාරයේ පසුවන බව ෆොන්සේකා මහතා කියා සිටී. පසුගිය ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වූ ෆොන්සේකා 2010 පෙබරවාරියේදී අත්අඩංගුවට ගනු ලැබුවේ කොළඹ සිනමන් ලේක් හෝටලයේ සිටියදීය. රජය පෙරැුලීමේ කුමන්ත‍්‍රණයක් සම්බන්ධයෙන්ද ඔහුට චෝදනා නගා තිබිණි. ඉන්පසුව යුද්ධාධිකරණය ඔහුට වසර තුනක සිර දඬුවමක් නියම කළේය. යුද හමුදාවට උපකරණ සැපැයීමේදී වංචා සහගතව ක‍්‍රියා කළැයි ඔහු නිවැරැදිකරු විය. නමුත් තවමත් දැන් ඔහු මාස 30ක සිර දඬුවමක් ගෙවමින් සිටී.
ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග අනුව හිටපු යුද හමුදාපති සරත් පොන්සේකා සෙනසුරාදා නිදහස ලබනු ඇතැයි ද ඔහු නිදහස් කිරීමේ නිවේදනයට මහින්ද රාජපක්ෂ ජනපති සිකුරාදා මධ්‍යම රාත්‍රියේදී අත්සන් කිරීමට නියමිත බවද දැනගන්නට තිබේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සෑම ප්‍රයත්නයක්ම යොදා ෆොන්සේකා මහතා මුදවා ගනු ඇතැයිද සතුරාටත් ප්‍රේම කරන ජනනායකයා මහින්ද රාජපක්ෂ මහතා බවත් රජයේ මාධ්‍ය ප්‍රකාශ කළේය.
No comments:
Post a Comment