Saturday, January 12, 2013

රිසානා නිදහස් කරගැනීමට ජනපති මැදිහත් වුනා


වගකීමෙන් යුතුව කටයුතු කරන රජයක් වශයෙන් රිසානා මරණයෙන් නිදහස්කර ගැනීමට රාජ්‍යතාන්ත්‍රික වශයෙන් සෑම උත්සාහයක්ම ගත් බවද ඇයගේ මෘතදේහය හෝ ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහා උත්සාහයක් ගත්බවද රජය පවසය. එරට පවතින ෂරිආ නීතියට අනුව ඇයගේ දේහය සෞදි අරාබියාවේ දී මිහිදන්කර තිබෙන අතර එම දේහය ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහා රජයේ මැදිහත්වීම ප්‍රමාණවත් නොවන බවට විවිධ පාර්ශ්ව ගෙනයන ප්‍රචාරයන් තරයේ ප්‍රතික්ෂේප කරන බවද සඳහන් වේ.

ශ්‍රී ලාංකික ගෘහසේවිකා රිසානා නෆීක් වෙත මරණ දණ්ඩනය නියම වූ දිනයේ සිට ඇයව නිදහස් කරගැනීම වෙනුවෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජය, තානාපති කාර්යාල නිලධාරීන් ඇතුළු විවිධ පාර්ශව විශාල උත්සාහයක නිරත වූ අතර මරණයට පත් රිසානා නෆීක්ගේ පවුලේ ඥාතීන් වෙනුවෙන් රජය මඟින් වන්දි මුදලක් ප්‍රදානය කිරීම සඳහා සැලසුම් කර තිබෙන බවද සදහන්.
මේ අතර ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් රොඩ්නි පෙරේරා මහතා සඳහන් කළේ රිසානා නෆීක් වෙත මරණ දඬුවම ක්‍රියාත්මක කළ අවස්ථාවේ දී ඇයගේ මෘත ශරීරය මිහිදන් කළ බවට වාර්තා වන බවත් මරණයට පත් කළ දිනට ආසන්න දින කිහිපයක සිට ඇයව බැලීම සඳහා කිසිවෙකුට හෝ අවස්ථාව ලබාදී නොමැති බවත්ය. කෙසේ වුවද මේ සම්බන්ධයෙන් ඉදිරියටත් සොයා බලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවද රොඩ්නි පෙරේරා මහතා සඳහන් කළේය.
ත්‍රීකුණාමලයේ - මුතූර්හි පදිංචිව සිටි රිසානා නෆීක් විදේශ රැකියා ඒජන්සිකරුවෙකුගේ මාර්ගයෙන් ගෘහ සේවිකාවක් ලෙස පසුගිය 2005 වසරේ දී සෞදි අරාබියේ රැකියාවක් සඳහා පිටත්ව ගොස් තිබෙන අතර ඇය සේවයකළ නිවෙසේ බිලිඳකු මරණයට පත් කළ බවට චෝදනා නඟමින් සෞදි අරාබියානු අධිකරණයක් මරණ දඩුවම නියම කර තිබිණි.

1 comment:

  1. බොරු කියන්න ඒපා! අපායේ යයි

    ReplyDelete