Saturday, January 12, 2013

රට අරාජික කිරීමේ කුමන්ත්‍රණයක



රට අරාජික කිරීමේ කුමන්ත්‍රණයක යෙදී සිටින අගවිනිසුරුවරිය එම තනතුරෙන් ඉවත් කර අධිකරණයේ ස්වාධීනත්වය හා ජනතා පරමාධිපත්‍ය සුරකින්නැයි මහ වැසි නොතකා කෝට්ටේ පාර්ලිමේන්තු වටරවුම අසලට එක‍්රොක්වූ විශාල ජනතාව ජනපතිගෙන් හා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියහ.
පාර්ලිමේන්තු වට රවුම අසල පදික වේදිකාවල හා මාර්ගයේ ගමන් කරමින් උද්ඝෝෂණයට එක්වූ ජනතාව අගවිනිසුරු මේ ‍අහන්න නම්බු පිටින් ගෙදර යන්න, ජනතාවනි මේ අහන්න
අධිකරණය බේර ගන්න, අපිත් එක්ක පෙරට එන්න, කුමන්ත්‍රණේ කුමන්ත්‍රණේ කාගෙද මේ කුමන්ත්‍රණේ කළු කොටියගෙ කුමන්ත්‍රණේ, අනුර අනුර ‍කළු කොටියා, කොටි වලිගෙට නැ‍ටවෙනවා, විජිත විජිත මේ අහන්න සුමන්දිරන් මේ අහන්න පාවා නොදී ගෙදර යන්න, කවුද කවුද රට කෑවේ ජේ.වී.පි. ය රට කෑවේ කවුද කවුද රට කෑවේ හොර කළු කොටි රට කෑවේ වැනි සටන් පාඨ කියමින් හඬ නැගූහ.
එදා යුද්ධය දිනන්නට බැහැ යැයි මතයක් වැපිරූ විදේශවලින් ඩොලර් උපයමින් සිටින කණ්ඩායම් අද
අගවිනිසුරුවරිය වටා එක් වෙමින් ඇයගේ දූෂ්‍ය ක්‍රියාවන් අනුමත කරමින් පෞද්ගලික න්‍යාය පත්‍ර සාර්ථක කර ගැනීමේ ක්‍රියාවක යෙදී සිටින බව විරෝධතාකරුවෝ පැවසූහ.
රට බෙදීමේ ක්‍රියාවන්ට උඩගෙඩි දෙන අගවිනිසුරුවරිය තමන්ගේ දූෂණ අක්‍රමිකතා පිළිබඳ තමන්ම නඩු තීන්දු
ලබා දෙන අයෙක් නිසා අධිකරණය දූෂිත එකක් බවට පත් වෙමින් නීතිය වළපල්ළට යෑමක් සිදු වෙන බව ඔවුහු හඬ නැගූහ.
යම්තම් හෝ අගවිනිසුරු තනතුරේ ගෞරවය පිළිබඳ ශිරාණි බණ්ඩාරනායක මහත්මිය සිතනවා නම් අද (11) සවස ඊට පෙ‍ර ඉල්ලා අස්විය යුතු යැයි ඔවුන් එක හඬින් කීහ.
වර්තමානයේ අගවිනිසුරුවරිය සමඟ එක්වෙමින් රට අරාජික කිරීමට එක් වී සිටින්නේ මේ රටට ද්‍රෝහී වූ දූෂිතයන් පිරිසක් බව ඔවුන් ජනතාව ප්‍රතික්ෂේප කළ දේශපාලන අනාථයන් පිරිසක් බව කීහ. මේ කුමන්ත්‍රණ පැරදවීමට රටට ආදරය කරන දේශහිතෛශී ජනතාව ජනපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ එක්වෙන්නැයි උද්ඝෝෂකයෝ ඉල්ලා සිටියහ. විවිධ බහුජාතික සංවිධාන වෘත්තීය සමිති දේශපාලනඥයින් මේ අවස්ථාවට එක්ව සිටින අයුරු දක්නට ලැබිණි.
ෙමම පුවත දිනමින පුවත්පෙත් සදහන්වී තිබුණි.

1 comment:

  1. බස් 100කින් සෙනග ගෙනාවේ කව්ද?

    ReplyDelete