පාර්ලිමේන්තු
ස්ථාවර නියෝග යටතේ පත්කරන ලද
කමිටුවකට ඉහල අධිකරණයේ විනිශ්චයකරුවන් සම්බන්ධයෙන්
තීන්දු ගැනීමේ බලයක් නොමැති බවට ශ්‍රේෂ්ඨාධිකරණය මේ මස මුලදී තීන්දු කළ බවත්, එම
තීන්දුව මත පදනම් වී පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ
වාර්තාව බල රහිත බව අභියාචනාධිකරණය විසින් තීන්දු කරන ලද බවත් පෙන්වා දෙන
නීතිවේදීහු, මේ තත්ත්වය යටතේ අගවිනිසුරුවරිය පදවියෙන්
පහකිරීමට දැරෙන සියලු ප්‍රයත්නයන් නීතිවිරෝධී බව අවධාරණය කරති.
එම
තීන්දු දෙකම නොසලකා පාර්ලිමේන්තුව විසින් දෝෂාභියෝග යෝජනාව විභාගයට ගැනෙමින් තිබෙන
අතර,
ඉන් අනතුරුව "නීතිවිරෝධී ලෙසින්" අගවිනිසුරුවරිය
පදවියෙන් පහකිරීමට ශ්‍රී ලංකා නඩුව කටයුතු කරමින් සිටින නමුත්, "අප එකඟ වූවත්, නොවූවත්," අධිකරණයේ තීන්දු ප්‍රකාර කටයුතු කිරීමට අගවිනිසුරුවරිය ඇතුළු සියලුම ශ්‍රේෂ්ඨාධිකරණ
විනිසුරුවරුන් බැඳී සිටින බවයි, නිවේදනයේ දැක්වෙන්නේ.
ශ්‍රී
ලංකාවේ අධිකරණය සහ නීතිවේදීන් ශ්‍රී ලංකා ඉතිහාසයේ "බරපතලම අර්බුදයට"
මුහුණදෙමින් සිටින මොහොතේ අධිකරණයේ ස්වාධීනත්වය රැකගැනීම සඳහා ක්‍රියාකරන මෙන්
ආචාර්ය ජයම්පති වික්‍රමරත්න සහ ශ්‍රීනාත් පෙරේරා ජනාධිපති නීතිවේදීන් විසින්
අත්සන් තබා ඇති එම නිවේදනය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගෙන් ඉල්ලා සිටියි.
No comments:
Post a Comment