Saturday, January 12, 2013

රාජපක්ෂ ආණ්ඩුවේ ඊලඟ රට බිල්ල


රිසානා දැරිය හිස ගසා ඝාතනයකරන තුරු මෙරට පාලකයන්ට ඇයව නිදහස් කරගැණීමට නොහැකිවීම නිසා ජනාධිපති වරයාටත් සන්ධාන ආණ්ඩුවටත් එරෙහිව අද (11) දවටගහ මුස්ලිම් පල්ලිය අසලදී අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය විසින් විරෝධතාවයක් සංවිධානය කර තිබිණ.
එම සංවිධානයේ ජාතික කමිටු සාමාජිකයින් ඇතුළු එහි සමාජිකාවෝ එක්වී සිටියහ.

රිසානා නිදහස් කර ගැනීමට අවශ්‍ය ආකාරයේ කිසිඳු රාජතාන්ත්‍රික මැදිහත් වීමක් මෙරට පාලකයන් සිදු නොකළ බවත් ඇයව නිදහසකර ගැනීමට නොහැකිවීම හරහා රාජපක්ෂ ආණ්ඩුවේ විදෙස් ප්‍රතිපත්තියේ දියාරුභාවය මැනවින් පෙන්නුම් කරන බවත් එම කාන්තාවෝ අවධාරණය කර සිටියහ.
පාලකයන්ට බැරි බැරියාව රිසානා දංගෙඩියට
අද රිසානා හෙට ?
කාන්තාවනි ජීවිත අයිතිය වෙනුවෙන් එකතු වන්න
රාජපක්ෂ ආණ්ඩුවේ ඊලඟ රට බිල්ල ඔබදවැනි සටන් පාඨ සහිත ‍බැනර් කටවුට් එහි දකින්නට විය.

1 comment:

  1. කාන්තා සංවිධානයේ තර්කය හරි, මේ ආණ්ඩුවට ඕනේ සල්ලි පමණයි

    ReplyDelete