Thursday, January 10, 2013

අලුත්කඩේ උසාවි සංකීර්ණය ඉදිරිපිට උද්ඝෝෂණය



අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිට එරෙහිවි ගෙනා දෝෂාභියෝගයටත් එයට එරෙහිව දුන් අධිකරණ තීන්දුවට අනුව කටයුතු ‍නොකිරීමටත් එරෙහවි දිවයිනේ සෑම දිස්ත්‍රිකකයක්ම නියෝජනය කරමින් පැමිණි නීතීඥවරුන්ගේ විරෝධතා පෙළපාලිය අද (10) පෙරවරුවේ අලුත්කඩේ උසාවි සංකීර්ණය ඉදිරිපිටින් ඇරඹිණ. පසුව එය ජනාධිපති මන්ධිරය දක්වා ගමන් ගත් අතර ඔවුන් යන මග අහුරමින්
පොලිස්බලකායකද විය. හිල්ටන් හෝල අසලින් නැවතුණු පෙලපාලියේ ගමන් ගත් උ‍ද්ඝෝෂකයින් රැස්ව සිටි පිරිස ඇමතීය.
එම අවස්ථාවට නීතීඥවරුන්ට අමතරව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, කලාකරුවන් සහ දේශපාලඥයින් රැසක්ද එක්වී සිටියහ.

1 comment: