Thursday, January 10, 2013

මාලිට පහරදීමකට ලෝක අවසරය

බටහිර අප්‍රිකානු රාජ්‍යයක් වන මාලි රාජ්‍යයේ උතුරුදිග ප්‍රදේශ කිහිපයක් සටන්කාමීන් විසින් අත්පත් කරගෙන තිබේ. උතුරු දිග මාලි රාජ්‍ය‍යේ මෙම ඉස්ලාමීය සටන්කාමීන්ට එරෙහිව මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම සඳහා හමුදා මැදිහත්වීමකට එක්සත් ජාතින්ගේ සංවිධානයේ අනුමැතිය හිමිව තිබේ. ඒ පිළිබඳව පැවති ඡන්ද විමසීමේ දී අදාළ තීරණයට ඒකමතිකව සහය පළ වූ බව වාර්තා වේ.
ඒ අනුව වසරක කාලයක් සඳහා අදාළ ප්‍රදේශවල මෙහෙයුම් ක්‍
රියාත්මක කිරීමට මධ්‍යස්ථ හමුදාවන්ට අවස්ථාව උදාවේ. මීට අමතරව මාලි රාජ්‍යයේ දේශපාලනික සංහිඳියාව සහ හමුදා පුහුණුව සඳහා ද එක්සත් ජාතින්ගේ සංවිධානයේ සහය ලැබේ.

No comments:

Post a Comment