Saturday, January 12, 2013

වැඩි ජන්ද 106 ජන්ද ප්‍රකාශ නොකිරීම 20 විපක්ෂව 49

අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහි විවාදයට ගත් දෝෂාභියෝග යෝජනාව පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 106කින් මීට ටික වේලාවකට පෙර සම්මත වී තිබේ. 

‍එකී යෝජනාවට පක්ෂව ඡන්ද 155ක් ලැබී ඇති අතර විපක්ෂව ලැබී ඇත්තේ ඡන්ද 49ක් පමණි. 

ආණ්ඩුවේ බහුතරයක් මැති ඇමතිවරුන් යෝජනාවට පක්ෂව ඡන්දය
ප්‍රකාශ කළ අතර විපක්ෂයේ සියලු පක්ෂවල මන්ත්‍රීවරුන් එකී යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන ලදී. 

කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් අද විවාදය සඳහා පැමිණ සිටියේ නැත. 

ඒ අනුව අදාළ දෝෂාභියෝග යෝජනාව වැඩි ඡන්ද 106කින් සම්මත වී තිබේ. 
කෙසේ හෝ අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහි දෝෂාභියෝග ක්‍රියාවලියේ අවසානයක් දක්නට ඇතැයි යන්න මතුපිටින් බැලූ බැල්මට පෙනුණ ද එහි අවසානයක් දක්නට නොලැබෙන බවක්ද ඇතැයි උප කල්පනය කළ හැකිය. 

ඊට හේතුව අගවිනිසුරුවරිය එම තනතුරින් ඉවත් කරනු ලැබුව ද ඇය සිය වැඩ කොටස නව කෙනෙකුට විධිමත්ව භාරදීමට සුදානම් ද යන ගැටලුව මතය. 

විශේෂයෙන් අගවිනිසුරුවරිය විසින් අභියාචනාධිකරණයේ පිහිට පැතීමෙන් පසු ඇයට වාසි සහගත වන ලෙස තේරීම්කාරක සභාව අභියෝගයට ලක් කර තීන්දු 2ක්ද ලබාදී ඇති වටපිටාවක එකී ගැටලුව උද්ගතවෙයි. 

එකී තීන්දුවට අනුව අගවිනිසුරුවරියට එරෙහි චෝදනා විමසීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පත් කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 (1) ව්‍යවස්ථාව හා පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 78 (ඒ) පදනම් කරගෙන බව අභියාචනාධිකරණයේ අදහස ය. 

එබැවින් පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 78 (ඒ) යනු නීතියක් නොවන බැවින් ඒ මගින් පත් කරන ලද කමිටුවකට අධිකරණ බලයක් නොපවත්නා බවත්, එබැවින් අගවිනිසුරුවරියට එරෙහි චෝදනා විමසීම සඳහා පාර්ලිමේන්තුව විසින් කළ යුතුව ඇත්තේ අධිකරණ බලයක් හිමි මණ්ඩලයක් හෝ ආයතනයක් ස්ථාපිත කිරීම බවත් අභියාචනාධිකරණයේ නිගමනයයි. 

කෙසේ වෙතත් මේ වන විටත් අභියාචනාධිකරණය විසින් ලබාදී ඇති තීන්දුව තවමත් වලංගුව ඇත්තේ ශිරාණි බණ්ඩාරනායක මහත්මියට වාසිදායක වන බැවින් ජනාධිපතිවරයා විසින් අගවිනිසුරුවරිය ඉවත් කිරීමේ යෝජනාවට අනුමැතිය ලබාදීමෙන් පමණක් ගැටලුව මුළුමනින්ම විස‍‍ෙඳෙනු ඇතැයි අපේක්ෂා කළ නොහැකිය. 

No comments:

Post a Comment