Saturday, January 12, 2013

අභියාචනාධිකරණයෙන් ක්වෝ වොරන්ටෝ රීට් ආඥාවක්

තමාට එරෙහිව ඊයේ (11) දෝෂාභියෝගය පාර්ලිමේන්තුවේ සම්මත කර ගත්තද ඇයට එරෙහිව ක්‍රියාත්මකවූ පාර්ලිමේන්තු ක්‍රියාදාමය ව්‍යවස්ථානුකුල නොවනබවට අධිකරණ දී ඇති නියෝගය මත සිය තනතුරින් ඉවත්නොවිමට අගවිනිසුරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මිය තීරණය කොට ඇතැයි වාර්තාවේ.
කෙසේ වෙතත් වෙනත් අයෙකු අගවිනිසුරු තනතුරේ වැඩ බැලීමට පත්කළහොත් ඊට එරෙහිව අභියාචනාධිකරණයෙන්
ක්වෝ වොරන්ටෝ රීට් ආඥාවක් ලබා ගැනීමට අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ නීතිඥයන් තීරණයක්ද කර ඇත.
අභියාචනාධිකරණය මඟින් නිකුත් කරනු ලබන ක්වෝ වොරන්ටෝ ආඥාවක් මඟින් යම්කිසි කාර්යයක් සිදුකරනු ලැබුවේ කුමන බලයක් මතද යනුවෙන් ප්‍රශ්න කිරීමට හැකියාව ලැබේ.

No comments:

Post a Comment