Monday, January 14, 2013

ජනපති අබිසෙස් අභිමන් උපාධීධාරී පත්වීම් ස්ථිර කිරීම පට්ටපල් බොරුවක්, උපාධිධාරීන් රවටයි


රාජ්‍ය සේවයට අලුතින් බඳවාගත් අභ්‍යාසලාභී උපාධිධාරින් පනස්දහස් අටසිය දෙනා ස්ථීර කිරීම වෙනුවෙන් යැයි පවසා 12දින කොළඹ, සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයට කැදවූ පිරිස අමතා ජනපතිතුමානෝ දේශණයක් පැවැත් වූවෝය. මෙම උත්සවය අබිසෙස් අභිමන් ජාතික මහෝත්සවය නමින් නම්කොට තිබුණ අතර උපධිධාරීන් විශාල ප්‍රමාණයක් මෙහි සිටි අතර
ඔවුන් සිතුවේ තමන්ගේ අභාසලාභී පත්වීම ස්ථිරවනු ඇති බවයි.
නමුත් මාධ්‍යවල එසේ ඵල වුනද ජනපති කථාව තුල එවැන්නක් නොවීය. ජනාධිපතිතුමා උපාධිධාරීන්ට සැලියුට් දමමින් ඔවුන්ට අතට අත දෙමින් සමරු කළාප අත්සන් කරමින් රංගනයකද යෙදුන අතර නමුත් ඔහුට එතරම් සුභදායි පිළිගැනීමක් නොවීය.

ජනපතිගේ බොරුව අතේ පත්තු වුනේ ඔහුගේ කතාව තුල ශී‍්‍ර ලංකා නිදහස් උපාධිධාරි සංගමයේ මහා සම්මේලනයට සුබ පතන්න මේ අවස්ථාවට එන්න ලැබීම විශාල සතුටක්. මේ සම්මේලනයට සහභාගී වෙලා ඉන්න පිරිස දිහා බැලුවහම සතුට වගේම නිහතමානී ආඩම්බරයකුත් ඇති වෙනවා. අපි මේ සංගමය බිහි කරන වෙලාවේ ඒ සියලුදෙනා මේ රටට වැඩ කරන, මේ රටට ආදරය කරන කණ්ඩායමක් එකතු කර ගෙන තමයි මෙය පටන් ගත්තේ. අපි ලොකු අරමුණක් ඇතිවයි එකතු වුණේ යැයි පැවසීමත් සමගයි. අරමුණක් නොමැතිව රටටත් උපාධිධාරීන්ටත් කල බොරුව අතේ පත්වූ අතර සභාවේ වූ නොසන්සුන් තාවය නොතේරුම් ගත් සංවිධායකයින් හා ජනාධීපතිතුමා කතාව දිගටම පැවැත්වුවද කුණු හරුප කියමින් උපාධිධාරීන් රැස්වීම් භූමියෙන් පිටවෙන ලදි. ජනපති දැඩි උද්යෝගයෙන් තම කතාව අවසන් කලද එයට සවන් දීමට සිටියේ සුලු පිරිසකි. ජනපති කතාව අතරතුර සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයෙන් පිටත් වූ පිරිස පාලනයට පොලීසියටද නොහැකි විය.

මෙම අවස්ථාවට මෛත්‍රීපාල සිරිසේන, ජෝන් සෙනෙවිරත්න, රංජිත් සියඹලාපිටිය සහ රෝහිත අබේගුණවර්ධන යන අමාත්‍යවරුන් ඇතුළු මැතිඇමතිවරුන් ද අමාත්‍යංශ ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද එක් ව සිටියහ.

තමන්ගේ ඡන්ද වැඩට පෝස්ටර් ගහපු කාර්යාල දාපු උපාධිධාරීන් මෙසේ කරාවියැයි රාජපක්ෂ පවුල් පාලනයට කිසිසේත් නොතේරෙන්නේත් එය රටටත් හෙට දවසේ ආසන සංවිධායකයන් ඉදිරියේ වැද වැටෙමින් රැකියා ඉල්ලන්න උපාධිධාරීන්ට නොතේරීමත් දෙකම එකය. එනම් කේන්ද්‍රිය බලයේ ඇති ප්‍රභල කමත් එයට අනුගත වීමත්ය. මෙම යතාර්තය කලින් කලට මාධ්‍ය නිවේදන ගසමින් උපාධිධාරීන් ගැන කතා කරන සංගම්වලට තවත් මාධ්‍ය නිවෙදයකට මගපෑදීමකි.

No comments:

Post a Comment