Monday, January 14, 2013

අග විනිසුරු ගෙදර යැව්වා ප්‍රවීන ලෝක දේශපාලන විචාරක මොහාන් සමර නායක කියයි


අග විනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ධූරයෙන් ඉවත් කිරීම සඳහා 2013 ජනවාරි 11 වනදා පාර්ලිමේන්තුවේදී සම්මත වූ යෝජනාව ප‍්‍රකාරව එතුමිය ධූරයෙන් ඉවත් කිරීමේ නියෝගයට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අද (13) උදෑසන අත්සන් තැබීය.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 107 (02) වගන්තිය අනුව මෙම පියවර ගන්නා ලදී.

අග විනිසුරුතුමිය ධූරයෙන් ඉවත් කිරීමේ නියෝගය ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යේෂ්ඨ සහකාර ලේකම්වරයෙකු සහ ජනාධිපති ආරක්ෂක අංශ නිලධාරියෙකු විසින් අද ශිරාණි බණ්ඩාරනායක මහත්මිය වෙත භාරදෙන ලදී.

පාර්ලිමේන්තුවේ මුළු මංති‍්‍ර සංඛ්‍යාවෙන් බහුතරයකගේ අනුමැතියෙන් සම්මත වූ යෝජනාව ජනාධිපතිතුමා විසින් පිළිගෙන ඇති බව ජනාධිපති ප‍්‍රකාශක හියපු ලෝක දේශපාලන විචාරක මොහාන් සමරනායක මහතා පවසයි.

No comments:

Post a Comment