Monday, January 14, 2013

රිසානා ලබා දුන්නේත් මරා දැමුවේත් අල්ලාහ්ය


ගංජා පානය කල මිනිසාට සිහින ලෝකයක් මැවෙන අතර පාවෙන ගතියක් දැනේ. මිනිසා දෘෂ්ටිවාදයක හිරවූ විට මෙවැනි අපූරු සිහින තුල පාවෙන ගතියක් දැකිය හැකිය. එවන් අපූරු සිදු වීම් මේ දින වල සුලභව දැකිය. මන්ත්‍රී පුත්තුන්ගෙන් ගුටි කෑ හමුදා සෙබලු ගුටි නොකෑ බව කියයි. උපාධිධාරීන්ට රැකියා ස්ථිර නොවුනත් රැකියා ස්ථිර වූ බව කියයි. අතවරයට ලක්වූ සිසුවියන් තමන්ට එසේ නොවුන බව කියයි. පොලිස් පහර දීමෙන් දරුවා මල විට බස්සෙක් ගැන කියයි. පෙට්‍රල් මිල වැඩි වුනත් එය
තමන්ට ප්‍රශ්ණයක් නොවන බව කියයි. අධිකරණය බිද වැටෙද්දී ඒක අපේ ප්‍රශ්ණයක් නොවේ ධනවාදයේ ප්‍රශ්ණයක් කියයි. ශරියා නීතිය යටතේ මගේ දුවට ලබාදුන් නීතිය තමන් සම්පූර්ණයෙන් පිළිගන්නා බවත් ශරීයා නීතිය යටතේ ලබාදුන් එම තීරණයතුලින් එය කෙසේවුනත් ස්ථීරමත් මතුජීවිතියෙහි රිසානාට උසස් තැනක් හිමිවනු ඇත. ඇය දැන් සුවර්ගයෙහි සිටින බව හැඟෙන බවට රිසානාගේ මවද පවසා තිබේ.
දේශිය මාධ්‍යයකට අදහස් ප්‍රකාශකරමින් රිසානාගේ මව මේ බව පවසා තිබේ. මාගේ දුව රිසානාව ලබාදුන්නේ අල්ලාහ්ය, දැන් අල්ලාහ් විසින්ම ඇයව යළි ලබාගෙන තිබේ. මෙය තමයි මාගේ විස්වාසය. ලොවපුරා සිටින මුස්ලිම් සහෝදරවරුන් මාගේ දුවව තමන්ගේම සොහොයුරියකු මෙන් සිතා දූවා ප්‍රාර්ථනා කර තිබීම එය තවදුරටත් ස්ථීරකර තිබේ. රිසානාට ලබාදුන් තීරණය ගැන මට වෙනත් කිසිවක් පැවැසිය නොහැක. සියළු දෑ අල්ලාහ් සතුවය.
මේ අතර රිසානාට සමාව ලබාදීම සඳහා බොහෝ මාර්ගවලින් අවසානය දක්වා උත්සහදැරූ සියළු දෙනාටමත්, මාධ්‍ය ආයතනවලටත්, මානව හිමිකම් සංවිධාන හා සාමාජ ක්‍රියාකරුවන්ටත් මාගේ ස්තූතිය පුදකරන අතර ඔවුන් වෙනුවෙන්ද තමන් ප්‍රාර්ථනාකරන බවත් ඇය වැඩිදුරටත් පවසා තිබේ.
ජීවත් වූ රිසානා මෙම දෙමාපියන්ට උරුම කලේ කදුලකි. නමුත් මිය ගිය රිසානා ඔබටත් ඔබ පවුලටත් ප්‍රසිද්ධිය අනුකම්පාව ලබා දී ඇත. ඔබ තව තවත් දෙවියන්ට සමීපවත්ම මෙම සමාජ අවදානයත් මග හැර ගත හැකිය. ඔබ අයිතිවාසිකම් ඉල්ලා රජයට නිහඩබලපෑමක් කලොත් ඔබගේ පවුලට රාජානුකම්පාව ලැබිය හැකිය. ඔබ යතාර්ථයට මුහුණ දෙන්නේනම් මහත් ප්‍රශ්ණ වලට මුහුණ දිය යුතුය. නමුත් ඔබ ධෛර්යයෙන් මෙවැනි දේ නැවත සිදු වීමට එරෙහිව ශක්තිමත් හඩක් නගන්නේ නම් මතු ජීවිතයේ ඔබත් උසස් තැනක හිදිනා බව සමාජය කියාවි.

No comments:

Post a Comment