Monday, January 14, 2013

රිසානාගේ මරණ දඬුවම‍ට බෑන්කී මූන්ගේ දැඩි කනස්සල්ල රජයේ මාධ්‍ය කියයි


ශ්‍රී ලාංකික ගෘහ සේවිකා රිසානා නෆීක්ට සෞදි අරාබියාවේදී මරණ දඬුවම ලබාදීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන්කී මූන් සිය කනස්සල්ල පළකර ඇති බව රජයේ මාධ්‍ය ප්‍රකාශ කරයි.

වැඩි දුරටත් එහි සදහන් වන්නේ රිසානා නෆීක් අත්අඩංගුවට ගැනීම සහ ඇයට එරෙහිව පැවැති විභාගය විවාදයට තුඩුදී ඇති බව පෙන්වාදෙන මහලේකම්වරයා එහි යම් යම් අක්‍රමිකතා
පැවැති බවද සඳහන්කර තිබේ.

කුමන රටක් වුවද ජාත්‍යන්තර මානව හිමිකම් නීතියට අනුව කටයුතු කළ යුතු බවද සෞදි අරාබියාවේ මරණීය දණ්ඩනය දී‍මේ අවස්ථා ක්‍රමයෙන් ඉහළ යමින් තිබෙන බවද බෑන්කී මූන් ප‍්‍රකාශකර ඇතැයි වාර්තා වෙයි. සාධාරණ නඩු විභාගයකට ඉඩකඩ සළසන ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය යටතේ සෞදි අරාබියාවේ සේවයට පැමිණෙන සියලුම කාන්තාවන්ට හා පුරුෂයන්ට සැළකිය යුතු බවද හෙතෙම පෙන්වාදී තිබේ.

No comments:

Post a Comment